සජබ – එජාප සාකච්ඡා : එජාප මහ ලේකම් තලතා ගේ මේ චෝදනාව කාට ද ?

0
34

ස්වකීය පුද්ගලික අභිමතාර්ථයන් මත සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමට යම් කෙනෙක් උත්සාහ කර එම වැඩසටහන ව්‍යසනයට ලක් කළහොත් ඉදිරියේ දී ඇතිවන දේශපාලන ව්‍යාකූලතාවයට එම පිරිසට වගකියන්නට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල පැවසුවාය.

ඇය කීවේ මේ අවස්ථාව කිසිම පුද්ගලයෙකුගේ පුද්ගලික හේතු කාරණා සලකා බැලිය යුතු අවස්ථාවක් නොවන බවය.

ඇය මෙසේ ද කීවාය.

“ඇත්තටම ඉතාම සුබවාදීව සමගි ජන බලවේගයේ සියලුම දෙනා සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා. ඉතින් තව ටිකක් ඉස්සරහට යනකොට අපට යම් ගැටලුවක් ආවොත් අපි විසඳා ගන්න ඕන. ”

“මොකචද අපට මේ මැතිවරණය පක්ෂයක නායකයෙක් ගැන ලාංඡනයක් ගැන හිරවෙන්න ඕන මැතිවරණයක් නෙමෙයි. මොකද මේ මැතිවරණය අපේ ඉතාම අමාරුවෙන් සියලු නියොජනය කරන අය ඉදිරිපත්වන මැතිවරණය. තනි පක්ෂයක පාලනයට යන්න ඉඩ දෙනවද, අපි ඔක්කොම එකතු වෙලා මේක වෙනස් කරනවද කියන එකේ අඩිතාලම වැටෙන්නේ මේ මැතිවරණයෙන්.”

“අපේ පැත්තෙන් අපේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පැත්තෙන් ඉතාම සුබවාදීව ඒ සඳහා ආශීර්වාදය ලැබිලා තියනවා. ඒ සඳහා සමගි ජන බලවේග මහලේකම් තුමා ඇතුළු සියලු දෙනා ඉතාම සුබවාදීව ඉන්නවා. නමුත් සමහර අයගේ පොඩි පොඩි පුද්ගලික ප්‍රශ්න තියනවා. මේ වෙලාව පුද්ගලික ප්‍රශ්න විසඳන්න කතා කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. ඉතින් එහෙම නැතිවුනොත් ඉදිරියේ දී ඇතිවන දේශපාලන ව්‍යාකූලතාවයට හේතු වේවි. මේ අවස්ථාව කඩා කප්පල් කරන්න කිසියම් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ අයට වගකියන්න වෙයි.” තලතා අතුකෝරල කීවාය.

| lankasara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here