කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්, නගරාධිපති නිලනිවස වන සිරිනිවාස හි නව කියවීමේ වැඩසටහනක් දියත්කර ඇත.
ඒ අනුව සිරිනිවස මෙම සතියේ එහි පළමු ‘කියවීමේ දින’ සැසිය පවත්වා තිබේ.
මේ ගැන කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් සිය මුහුණු පොතෙහි මෙසේ අදහස් දක්වා තිබුණි,

“අවුරුදු ගනනාවකට කලින්, සිරිනිවස නගරයේ පුස්තකාලය වෙලා තිබුණා…
ඒ නිසාම නගර සභාවට අයිති පෙර පාසල් 12හෙම ළමුන්ට එකතු විය හැකි කියවීමේ දිනයක් මෙහි පැවැත්වීම හොඳම කර්තව්‍යයයැයි සිතුනා.
අද අපේ පළමු කියවීමේ දිනයයි — අපි පොත් කියවුවා, චිත්‍ර ඇන්දා, සිංදු කියුව්වා වගේම සෙල්ලම් කරමින් ගොඩක් විනෝද වුනා.
මෙය දිගු කාලීන ව්‍යාපෘතියක්. අපි මෙය මාසික වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ළමුන්ගේ තිබු උද්‍යෝගය සහ කුතුහලය දැක, උප නගරාධිපති තුමාත් මමත් අවංකව සතුටු වූවා. එය අපට මතක් කළේ, මේ වගේ අවකාශ කෙතරම් වටිනවද කියාය.
මෙම යෝජනාවට අප මෙන්ම උනන්දුවෙන් සහාය දක්වූ පුණ්‍ය කොමසාරිස්තුමිය සහ කොළඹ මහා නගර සභාවේ පුස්තකාලයාධිපතිතුමියට බොහෝමත් ස්තූතියි.
අද දිනය මෙතරම් විශේෂ කිරීමට පොත්, ආහාරපාන හා අනෙකුත් සියලුම දේවල් ලබාදෙමින් උපකාර කල සියලුම දෙනාට අපේ හෘදයාංගම ස්තූතිය.”