කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය කාන්තාවන් ආර්ථික සහ සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ සහ කාන්තා කාර්යය සංවිධාන ව්‍යුහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.
මෙහිදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ඉදිරිපත් කිරීම් සිදු කළ අතර මෙම විශය පථයන්ට අදාළව දිස්ත්‍රික්කයන් හි පවතින ගැටළු සහ නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමි විය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් කාන්තාවන් වෙනුවෙන් වැදගත් වැඩසටහනකට මුල පුරණ අවස්ථාවක ඒ වෙනුවෙන් තමන්ට ද ආරාධනා කිරීම පිළිබඳ විපක්ෂ නායකවරයා තම සතුට පළ කළේය.
මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර , කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ සාමාජිකාවන්, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.