ICC U19 කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

0
213

අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති අතර, කණ්ඩායම් නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර සහ උපනායිකාව ලෙස මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි පත් කර තිබෙනවා.

මෙම සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්.

මැලේසියාවේ පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

උපුටා ගැනීම monara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here