ඇමෙරිකාවෙන් බදු පැනවීමෙන් ඇගලුම් සේවකයෝ අවදානමක

0
108

ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් හත්මිය පැවැසුවාය.

ඊට විරෝධය පළකරමින් කම්කරු දිනය නිමිත්තෙන් අද (1) කටුනායක ඇවරියවත්ත බස් නැවතුම්පොළ අසලින් පෙළපාලියක් ආරම්භ කර කටුනායක පොළ භූමිය දක්වා ගමන් කර මැයි දින රැලියක් පවත්වන බවද ඇය පැවැසුවාය.

ඇය මේ බව පැවැසූවේ කොල්ලුපිටියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් පැවැසූ  ගයනි ගොමස් කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන බිලියන 3 ක අපනයන වලින් 10% කට වඩා අපනයනය කරනු ලබන්නේ ඇඟලුම් බවය. 

lankadeepa.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here