ගෙදරක දුවට මී මැසි රැජිනගේ තැන දෙන්න!

    0
    54

    මේ කතාව මම ඇහුවෙ මීට අවුරුදු කිහිපයකට කලින් ධර්ම දේශනාවක් අහද්දි. මම විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝම ඒ දේශනාව අහගෙන හිටියා.ඒ ගැන පැහැදිලි කිරීම මෙහෙමයි.

    මී මැසි රාජධානියක් පාලනය කරන්නෙ රැජිනක්. මී මැසි රාජධානිය තුළ වැඩිම අවධානය ලැබෙන්නෙ රැජිනට. වැඩි ආදරය, රැකවරණය ලැබෙන්නෙ ඇයට. පෙරළා මී මැසි රාජ්‍යය ක්‍රමවත්ව පාලනය කරන්නෙ ඇය. සියලුම කටයුතු මෙහෙයවන්නෙ ඇය. සියල්ල ක්‍රමවත් සහ විධිමත් කරන්නෙ, ඒ වගේම අන් අයගෙ යහපැවැත්ම ගැන තීන්දු තීරණ ගන්නෙ ඇය.

    මේ විදියට මී මැසි රැජිනගේ ස්ථානය දෙන්න කියන්නෙ ගෙදරක නව යොවුන් වියේ ඉන්න දුවෙකුට. එතනින් පස්සෙ එයත් පුරුදු වෙනවා ගෙදර දොර කටයුතු ගැන හොයන්න, පිළිවෙළ කරන්න, අලුත් දේවල් කරන්න. එයාගෙ අම්මගෙයි, තාත්තගෙයි ගෙදර ඇතුළෙ නිදහසේ ජීවත් වෙන පිළිවෙල ඉගෙන ගන්න. පරණ දේවල් අලුත් විදියට කරන්න. එයාට අනිත් අයගෙන් ලැබෙන ආදරේ සිය දහස් ගුණයකින් වැඩි කරලා ගෙදර අනිත් අයට බෙදල දෙන්න. එයාට පුලුවන් තරමින් එයාගෙ පවුලෙ අයව ආරක්ෂා කරගන්න.

    ජීවිතේ ගැන ගෙදරින් ලැබෙන්න ඕන අවබෝධය ලැබුණට පස්සෙ ඒ රැජිනට ජීවිතේ වරදින්න හේතුවක් නැති වෙයි! මොකද එයාගෙ ගෙදරින්ම එයා රැජිනක් වෙන්න ඉගෙනගෙන තියෙන නිසා.

    ගෙදරට එන අමුත්තන් පිරිසකට දෙන කෑම වේලක් සැලසුම් කරන්න කියල එයාට කියන්නකො.පුංචි නෝට් බුක් එකකුයි, පෑනකුයි අරගෙන එයා ගේ පුරා එහෙට මෙහෙට දුවන විදිය දැක්කම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔයාට පුදුම සතුටක් දැනෙයි.

    එයා ඔයාලව බලාගෙන ඉඳල ඉගෙනගෙන තියන දේවල් දැක්කම. මේ එක උදාහරණයක් විතරයි. මට හිතෙනවා මට නම් අපේ ගෙදර පුංචි රැජිනක් වෙන්න පුලුවන් වුණා කියල. ඒකනිසා මේ කතාව බෙදාගන්න හිතුණා!

    මුල් අයිතිය සහ ගෞරවය
    නෙලුෂි ද සිල්වා ට

    උපුටා ගැනීම Face book

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here