අද මාර්තු 08 කාන්තා දිනය : ස්ත්‍රී ශරීර මල්පෝච්චි විදිහට තනතුරුවල හිඳුවීමෙන් ඔබ්බට..

    0
    12

    මේ දවස විවිධ වූ අර්ථයන්ගෙන් සැමරීම කරනවා. ගෝලීය අර්ථයෙන් කාන්තාවන් විසින් දේශපාලනිකව සමාජීයව සහ සංස්කෘතිකව

    අත්පත් කරගත් ජයග්‍රහණ සැමරීම තමයි පොදුවේ සිද්ද වෙන්නෙ.

    නමුත් මට කාන්තා දිනය වැදගත් වෙන්නෙ ස්ත්‍රී අර්ධය සැමරීමක් විදිහට. ඒක හුදු කාන්තාව නැමැති භෞතික ශරීරයට සීමා වුනු දෙයක් නෙමෙයි.

    ස්ත්‍රීත්වය කියන්නෙ මට අනුව නොවැදගත් යැයි බැහැර කරන ලද කොටස. ප්‍රධානත්වය ලබා නොදුන් කොටස. ඒක අදහසක, සමාජ කතිකාවක, දේශපාලනයක හෝ ලිංගිකත්වයක වෙන්න පුළුවන්.

    ප්‍රධාන හෝ වැදගත් ලෙස බහුතරය පිළිගන්නා අර්ථය වෙනුවට අතාර්කික හෝ අප්‍රධාන ලෙස බැහැර කරන අර්ථය සැමරීම ස්ත්‍රීත්වය සැමරීමක් වෙනවා.

    ඒක දේශපාලන‍යේදී අදේශපාලනික ‍කොටස ලෙස මතු වෙනවා. තර්කයේදී අතාර්කික කොටස ලෙස මතුවෙනවා. සංස්කෘතියෙදි අසංස්කෘතික කොටස ලෙස මතුවෙනවා. විඥාණයේදී අවිඥාණය ලෙස මතුවෙනවා.

    ස්ත්‍රීත්වය සැමරීම කියන්නෙ රාත්‍රිය සැමරීමයි. වචන වෙනුවට හැගීම් සැමරීමයි. බලය වෙනු‍වට වසගය සැමරීමයි.

    ස්ත්‍රීත්වය කියන්නෙ සමස්තය. ස්ත්‍රීත්වයට පිවිසෙනවා කියන්නෙ ශිෂ්ටාචාරය වෙනුවට වනාන්තරය ඇතුලට පිවිසීම. ඒ දමනය නොකළ විසල් කලාපය වැළඳගැනීම. මතුවීම වෙනුවට දියවීම බාරගැනීම.

    ඉතින් කාන්තා දිනය කියන්නෙ මට අනුව භෞතික කාන්තා ශරීර විසින් පිරිමි ලෝකයේ අත්පත් කරගත් ජයග්‍රහණ සැමරීමක් නෙමෙයි. කාන්තාවන්ට විශේෂ කෝටා ලබාදීමක් නෙමෙයි. කාන්තා නියෝජනය යනුවෙන් කිසිදු වැදගත්කමක් නැතුව ස්ත්‍රී ශරීර මල්පෝච්චි විදිහට තනතුරුවල හිඳුවීම නෙමෙයි.

    ඒ වෙනුවට ඕනෑම කතිකාවක, ආඛ්‍යානයක ස්ත්‍රී අර්ධය පිළිබඳ සවිඥාණක වීමයි. ඒ සමග රමණය කිරීමයි. ඒ මහා ගර්භාෂය තුල නව අදහස් කළල උත්පාද කිරීමයි.

    පුරුෂ කුදුබව පසක් කරමින් ඒ විසල් ස්ත්‍රී අර්ධය නැවත නැවත මුණගස්වන සියල් සොඳුරු මායාකාරියන්ට ප්‍රණාමය වේවා.

    (සටහන | චින්තන ධර්මදාස)
    දේශපාලන හා සමාජ විශ්ලේෂක
    අධ්‍යක්ෂ – facultyofsex[email protected]

    (උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

    Chinthana Dharmadasa ගේ තවත් ෆේස්බුක් සටහනක් ..

    ”කවුරු හරි පිරිමියෙක් ලියලා දෙන දෙයක් කියවන්න සිද්ද වෙන්නෙ නැති, සැරින් සැරේට පිරිමි නායකයන් දෙස බලමින් අනුමැතිය ලබන්නට සිද්ද වෙන්නෙ නැති, තමන් හොබවන නිලය ගැන අවබෝධයක් ඇති, කඩදාසි සුදුසුකම්වලින් ඔබ්බට හැකියාවන්ගෙන් ඔප්පු කළ යමක් ඇති කාන්තාවක් බවට පත්වීමට සෑම කාන්තාවකටම ශක්තිය ලැබේවා. පක්ෂවල මල්වට්ටියක් වීමේ අවමානයෙන් ගැල‍වේවා.”

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here