ඒ රාමුකර බිත්තියක එල්ලා ඇති විප්ලවයයි!

    0
    47

    ලෝකය උත්සාහ කළා ෆ්‍රීඩා කාලෝව අමතක කරන්න. ඒත් ඒකට ඉඩදීම ඇය ප්‍රතික්ෂේප කළා.

    ෆ්‍රීඩා කාලෝ ජීවත් වුණේ අවුරුදු හතළිස් හතයි. ඒත් ඇය ජීවිත කාලයක වේදනාවක් වින්දා.

    දියාගෝ රිවේරා සමඟ ඇතිවූ කැළඹිලි සහිත විවාහයෙන් ඇය සිය දහස්වර බිඳ වැටී යළි සුවපත් වුණා.

    ඇය ශෛල්‍යකර්ම තිහකට වැඩි ප්‍රමාණයකට මුහුණ දුන්නත් බරපතළ වේදනාව ඇගෙන් තුරන් වුණේ නැහැ. ඒ වගේම ගබ්සා වීම් කිහිපයක වේදනාව සදාකාලිකව ඇය සමඟ රැඳුණා. ඉතින් ඇය චිත්‍ර ඇන්දා.

    ඇයව රිදවන දෙයින් පැනලා යන්න නෙමෙයි අවංකභාවයෙන් ඒවාට නොසැලී මුහුණ දීමට.

    ඇගේ ආලේඛ්‍ය චිත්‍ර නිස්සාර ඒවා නෙමෙයි. ඒවා සාක්ෂි.
    ඕනෑම කෞතුකාගාර බිත්තියක එල්ලෙන යුරෝපියානු ස්වාමියෙකුගේ පින්තූරක් තරම්ම ඇගේ පැවැත්ම, අනන්‍යතාවය, සංස්කෘතිය සහ ඇගේ වේදනාව වැදගත් බව පෙන්වන වාර්ථාවක්.

    ඇගේ ජීවිත කාලය තුළදී ඇගේ චිත්‍ර ගැන තිබුණෙ සුළු අවධානයක්.

    පිරිමි අධි යථාර්ථවාදීන් ඇය තමන්ගේ බලපෑමට යටත් කරගන්න බැලුවා.

    විචාරකයන් ඇගේ නිර්මාණ පුතික්ෂේප කළේ ඒවා දැඩි පුද්ගලික හෝ ස්ත්‍රීවාදී ඒවා ලෙස සලකා අත්දැකීම් මත සිදුවන නිර්මාණ පරිකල්පනය මත සිදුවන නිර්මාණවලට වඩා වැදගත් නොවෙන ආකාරයෙන්.

    ඇයට අලෙවි කරන්න ලැබුණේ චිත්‍ර කිහිපයක් පමණයි.
    ඇය මූල්‍යමය අරගලයක නියැළුණා.

    1954 දී ඇය මියගියේ මැක්සිකෝවෙන් පිටත එතරම් ප්‍රසිද්ධියක් නැති කෙනෙක් විදියට.

    ඒත් ඇගේ මරණයෙන් පස්සේ යම් දෙයක් වෙනස් වුණා.

    කාන්තාවෝ ඇගේ නිර්මාණ තුළින් තමන්වම දැක්කා.

    ඒ චිත්‍රවල ඔවුන් දුටුවේ වේදනාව සඟවාගත් එකක් වෙනුවට පිළිගත් එකක් විදියට.

    ඔවුන් අවදානම තුළ ශක්තිය දුටුවා.

    අනන්‍යතාවය මකා දමනවා වෙනුවට ඒක සමරනවා ඔවුන් දුටුවා.
    ඇගේ යුනිබ්‍රෝ සහ තෙවුනා ඇඳුම් ඇය මත පනවා ඇති ප්‍රමිතීන් ප්‍රතික්ෂේප කිරීමේ සංකේත බවට පත්වුණා.

    1990 දී වෙන්දේසියකදී ඇමරිකන් ඩොලර් මිලියනය පහු කළ පළමු ලතින් ඇමරිකානු චිත්‍ර ශිල්පියා බවට ඇය පත්වුණා.
    2021 දී ඩොලර් මිලියන තිස් හතරකට වඩා අලෙවි වූ ඇගේ ඩියාගෝ යෝ සිතුවම මෙතෙක් අලෙවි වූ මිල අධිකම ලතින් ඇමරිකානු කලා කෘතිය බවට පත්වුණා.‍

    ඇගේ ළමා කාලය ගත කළ නිවස වන ලා කැසා අසුල් දැන් මෙක්සිකෝවේ වැඩිපුරම නරඹන කෞතුකාගාරවලින් එකක්.
    ලොව පුරා මුදල් නෝට්ටුවල සහ බිතුසිතුවම්වල ඇගේ මුහුණ දිස්වේ.

    නොපසුබට අව්‍යාජත්වය සහ නිදහසට කරුණු නොකියන ස්වයං ප්‍රකාශනය සඳහා ගෝලීය සංකේතයක් බවට ඇය පත්වුණා.
    ඒත් ඉහළ යන ඇගේ අගය මුදල් පිළිබඳ කාරළුයක්ම නෙමේ.
    ඒක පිළිගැනීම ගැනයි.

    කාන්තාවන්ගේ කතා පිරිමින්ගේ කතා තරමටම සමාන ස්ථිරභාවයක් ලැබීමට සුදුසු බව අවසානයේ කලා ලෝකය පිළිගත්තා.

    ලතින් ඇමරිකානු හඬට බටහිර කෞතුකාගාරවල ඉඩ ලැබිය යුතු බව.

    ආබාධිත බව කිසි විටක ප්‍රතිභාව අඩු නොකරයි.
    තමාවම නැවත නැවත ඇඳගැනීම උමතුවක් නොව සාක්ෂියක් බව.

    ෆ්‍රීඩා වරක් මෙහෙම ලිව්වා.

    මම මාවම පින්තාරු කරන්නේ නිතරම මම තනිව සිටින නිසා සහ මම හොඳින්ම දන්නා විෂය මා වන නිසාමය.

    ඇය වේදනාවෙන්, බිඳුණු හදකින් සහ ඇයව වැදගත් නොවන බව පැවසූ ලෝකයක හිඳිමින් චිත්‍ර ඇන්දා.

    දැන් ඇගේ මරණයෙන් වසර හැත්තෑවකට පසුව මිලියන ගණනක් දෙනා ඇගේ චිත්‍ර දෙස බලා ඔවුන් කිසි විටෙකත් අපේක්ෂා නොකළ ආකාරයෙන් යමක් දකින බවක් වටහා ගනියි.
    ඒ චිත්‍ර පමණක් නොවේ.

    ඒ රාමුකර බිත්තියක එල්ලා ඇති විප්ලවයයි!

    එය නිහඬ කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම අභිබවා කාන්තාවකගේ සත්‍යය නොනැසී පවතීනම්, දවසක ලෝකය එලෙස හැඩගැස්විය හැකි අද පවතින කතා මොනවාද?

    Educated Minds ඇසුරින්
    නැවත ලිවීම රශ්මික මණ්ඩාවල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here