විශාදයෙන් පෙලෙන අයගේ මනෝභාවයන්ගේ වෙනස්වීම සහ මව්පිය සම්බන්ධතාවය අතර බොහෝ සමානකම් තිබෙනවා. මේ තත්ත්වය සමහර විට ජානමය උරුමයක් විදිහටත් පෙන්වා දිය හැකි බැව් රොබට් බර්ටන් විසින් සඳහන් කර තිබෙනවා. ඔහු 1621 වසරේදී රචිත “The Anatomy of Melancholy” කෘතියේ ඒ බැව් සඳහන් කර තිබෙනවා. මේ කෘතිය වසර 405 ක් පමණ අතීතයකට හිමිකම් කියනවා. දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ විශාදයෙන් පසුවෙනවා නම් එය දරුවන්ටත් බලපාන්න පුළුවනි. ඔහුගේ මෙම අදහස සමකාලීන විද්වතුන් විසින් “ බයිපෝලා අක්‍රමිකතාවය ” රෝග තත්ත්වයේ ලක්ෂණ ලෙසින් පෙන්වා දී තිබෙනවා.
ජලය හොඳ ප්‍රතිකාරයක්…

විශාදය රෝග තත්ත්වය ඇති විට සීතල ජලයෙන් ස්නානය හෝ ප්‍රතිකාරයක් බැව් බර්ටන් සඳහන් කරනවා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහසට පෝට්ස්මන් විශ්වවිද්‍යාලයේ පරිසර රසායනාගාරයේ ආචාර්ය මයික් ටිප්ටන්ද එකග වී තිබෙනවා. ඒ 2021 වසරේදීය. සීතල වතුරේ පීඩනයට හුරු වීමෙන් කායික හා මානසික මට්ටම හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වෙන නිසා විශාදය වැනි ආබාධවලට හේතු වෙන ආතතිමය තත්ත්වයන් අඩු කර ගත හැකි බැව් ආචාර්ය ටිප්ටන් පෙන්වා දෙනවා.
සොබා දහමට සම්බන්ධ වීම

අපේ චිත්ත ස්වභාවයන් සහ සොබා දහම අපූරු සම්බන්ධතාවයක් පවතිනවා. ඔක්ස්ෆර්ඩ් උද්භිද උද්‍යානයේ අධ්යක්ෂ මහාචාර්ය සයිමන් හිස්කෝකට අනුව සම්භාව්‍ය යුගයේ පටන් ශෝකය, විශාදය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බෝරේජ් වැනි ශාඛ භාවිතා කර තිබෙනවා. රෝම සොල්දාදුවන්ගේ හිතේ සතුට ඇති කිරීම සඳහා ඔවුන්ටත් වයින් සමග මෙම ශාඛ පත්‍ර ලබා දී තිබෙනවා. ගෙවතු වගාව, වැනි ක්‍රියාකාරකම් නිසද විශාදය තත්ත්වය අඩු කර ගත හැකි අතර පස් පෙරලන විට රෝපණය කරන ලද ශාඛවල වර්ධනය දැකීමෙන් ලැබෙන සතුටම රෝගයට ඖෂධයක් බැව් බ්‍රිතාන්‍ය උද්යානකරු මොන්ටි ඩොන් සඳහන් කරනවා.
ප්රශ්නය බෙදා ගන්න
දුක ඔබේ මිතුරෙක් සමග බෙදා ගන්න. මේ අපට නිතරම ඇසෙන අවවාදයක් වුණත් රොබට් බර්ටන් මේ ගැන සඳහන් කලේ අදින් වසර 404 කට පෙරාතුව වීමත් විශේෂයක්. විාදය තත්ත්වයෙන් පසුවෙන අය නිතරම කල්පනා කරනවා. ඒ නිසා සමාජය සමග ගණුදෙණු කිරීම, විනෝදජනක ක්‍රියාකාරකම්හි යෙදීම, ඇවිදීම ඖෂධීය ප්‍රතිකාර අබිබවා යන බැව් දැන් පිළිගෙන තිබෙනවා. මිතුරන් පාවිච්චි කරන්න. විහිලු තහලුවල යෙදෙන්න. මේ බර්ටන්ගේ උපදෙස් වුණා.
රාජකාරිය සහ ජීවිතයේ සමබර බව…

රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් බැව් ඇත්ත වුනත් රාජකාරිය සහ ජීවිතය සමබරව පවත්වා ගත යුතු බැව් බර්ටන් සඳහන් කළා. රාජකාරිය සමග කියවීම, නින්ද, සමාජශීලී වීම මානසික සෞඛ්‍යට වැදගත් බැව් පෙන්වා දුන් අතර අධික ලෙස හුදෙකලා වීමෙන් ජීවිතය පිළිබඳව ඇති වෙන නීරස බව විශාදයට හේතු වෙන බැව් ඔහු විසින් පෙන්වා දී තිබේ.
වැදගත්ම දේ…
මෙතැනදී අපට ඉස්මතු කළ හැකි වැදගත්ම දෙයක් ඇත. එනම් බර්ටන් විසින් වසර 404 කට පෙරාතුව විශාදය රෝග තත්ත්වයට ඉදිරිපත් කරන ලද ප්‍රතිකාර අදටත් වලංගු වීමයි. කිසිදා පරණ නොවන ඔහුගේ ප්‍රතිකාර සහඝ්‍රය ඉදිරියේදීද පිලිගැනීමට ලක්ව තිබෙනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා