එයා කියන විදිහට, නිදහස් අධ්‍යාපනයටත්, නිදහස් සෞඛ්‍ය සේවයටත් පිං සිදුවන්නට ගාල්ල, රත්ගම කුණු කන්ද ඉසව්වේ නදීශා චන්ද්‍රසේන ලෝක බුද්ධිමය දේපල සම්මාන උළෙලේ පරිසර අංශයේ ජයග්‍රාහීකාව වූවාය.
ගාල්ලේ රස කතා කියූ, ලක්බිමේ ටෙප් කතා ලියූ, උසස් පෙළ පාස් වෙනකල් කී පාරක්දෝ විභාගය ලියූ ගාල්ලේ කොන්වන්ට් එකේ, සිරිමාවෝ බණ්ඩාරනායකයෙන් පස්සේ මැලේෂියාවෙන් ඇත්තටම ආචාර්ය උපාධියක් අරගෙන ‘නාසා’ ගිය කෙල්ල අද බුද්ධිමය දේපල පිළිබඳ නොබෙල් සම්මානය යැයි කියන වේදිකාවේ බතික් සාරියකින් දිළිසුනාය. සාරියේ බෝඩරයට අකුර කර තිබුණේ ‘ෆී එඩියුකේෂන්’ කියාය.
නදිශා ගැන ලක්බිම මතකයක් ඇත. ඒ කළු අකුරු නිසා නොව එවායේ තිබු රසාලීප්ත රිද්මය නිසාය.
නදීශා ගැන ‘නසා’ මතකයක් ඇත. ඒ ලංකාවෙන් ‘නාසා පර්යේෂණ ආයතනයට’ ගිය නිසාය.
නදීශා ගැන ආචාර්ය උපාධි මතකයක් ඇත. ඒ ඇත්තටම ‘ආචාර්ය උපාධියක්’ ගත්ත නිසාය.
නදීශාට කසල කළමනාකරණය ගැන තිබූ ප්‍රායෝගිය හා අධ්‍යාපන සුදුසුකම නිසා 2016 වගේ කාලයක අසේල ඉද්දවෙල ගේ සමයේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවයට ගියේය. එතැන වුනත් ‘මේ කෙල්ලට වැඩක් කරන්නට ඉඩක් ලැබුණේ නැත’.
රත්ගම දකුණේ කුණු කන්දට ගිය දවසක මම නදීශා සමඟ කතා කළෙමි. ගාල්ලේම කුණු රත්ගම කුඹුරු දිගේ ගලා ගිය ද, නදීශා ගේ ජාත්‍යන්තර දැණුමෙන් රටටවත් – ගමටවත් හරි හමන් වැඩක් ගන්නට බැරි විය.නදීසා අක්කා ගැන තවත් රස කතා ඇත. ඒවා අනිත් අයට ලියන්නටත් ඉතුරු කළ යුතුය.
ටික දවසකින් නදීසා අක්කා දරුවන්ට කොළඹ පාසලක් හොයාගන්නට උත්සහ කළාය. නදීසා ගේ දරුවන්ට හරිහමන් පාසලක් දෙන්නට අධ්‍යාපන බලධාරීන් කාටවත්ම බැරි විය.
ලංකාවම අවුල් ජාලයක් වන විට නදීසා ඕස්ට්‍රෙිලියාවට පවුල සමඟම ගියයා.
එතැන ඉදින් තමන්ගේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකක් වැය කළ ‘ස්මාට් කුණු කානුව’ හදන්නට කැපවුණාය. ඇය ටික දිනකින්ම කලාපය දිනුවාය. අද, ඇය ලෝකයම දිණුවාය!
ලංකාවේ නව නිර්මාණය සම්මාන උළෙලට ඇය තම නිර්මාණය ඉදිරිපත් කළාය. ලංකාවෙන් නවෝත්පාදන සම්මානයක් තියා පිළිගැනීමක් වත් ලැබුණේ නැත.දැන් ලංකාවේ ප්‍රමුඛ ඉදිකිරීමේ සමාගමක්, ජාත්‍යන්තර ආයතන කිහිපයක් නදීසා අක්කා ගේ ‘හිර වෙන්නේ නැති කුණු කාණුවෙන්’ තම නගර ලස්සන කර ගනිමින් සිටී.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිකං දෙන්නේ ලෝකය ලස්සන කරන්නටය. ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමරිකාව, කැනඩාව, මැද පෙරදිග ලස්සන කරන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයයි. ඇත්තටම අපි ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුත්තේ බටහිරට, මැදපෙරදිග අවශ්‍යතාවයන් ඉලක්ක කර ගෙන යැයි නදීසා අක්කා කියා දුන්නාය.
මොන තරම් වැඩකාරයා වුනත් නදීසාක්කාට ජිනීවා ගිහින්, සම්මානය ගන්න ලැබුණේ ලංකා ආණ්ඩුව නිසාය. ඕස්ට්‍රේලියාවේ දී ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට, එක දවසකින් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා නොදෙන්නට මේ සම්මාන කිසිවක් නැත! ඒවිතරක් යැ, රටේම ගෑණු කතා කරන්නේ එයා ඇඳපු ‘සාරිය’ ගැනය.
හැමදාම ඇගේ සාරියට වඩා, බුද්ධිය ලස්සනය. පොටෝ එක ඊටත් වැඩිය ලස්සනය!
(නදීසා මේ දවස්වල කරන්නේ කවපෙත්ත වීසි කරන්නට පුරුදු වෙන එකය. මේ ජීනීවා නුවර බුද්ධිමය කවපෙත්තකි. වීසි කරන්නට පෙර ගත්තකි.)

Rajith Keerthi Tennakoon ගේ මුහුණු පොතෙන් උපුටා ගැනිණි