“The Same Sun” ගීතය ක්‍රිස් ඩි බර්ග් විසින් රචිත ගීතයක් වන අතර එය 1999 දී ඔහුගේ “Quiet Revolution” ඇල්බමයේ ඇතුළත් වූ තවත් අපූරු ගීතයකි.
“The Same Sun” ගීතය සම්භාව්‍ය Chris de Burgh යන බැලඩ් වර්ගයේ ගීතයක් වන අතර එය: මෘදු බැවින් ද හෘදයාංගම හැඟීමකින් ද යුතු ය.
සැනසීමේ සුවඳ සෙවීමට ආරාධනා
මෙම ගීතය සීතල උදෑසනක උණුසුම් වැඳගැනීමක හැඟීම දනවන්නකි. එය අප සැවොම එක් අහසක් යට එකම හැඟීමකින් ජිවත් වන බව දනවයි. මෙහි තනු නිර්මාණය සහ සංගීතය අසන්නාට මනුෂ්‍යත්වයේ එක්වීම තුළින් වඩවන සැනසීමේ සුවඳ සෙවීමට ආරාධනා කරන්නාක් බඳු ය. ගැඹුරු කාව්‍යමය ගුණයකින් සහ දාර්ශනික අගයකින් යුක්ත මෙම ගීතය සදාකාලික බැඳීම් පිළිබඳව අරුත්බර පණිවිඩයක් ලබා දෙයි.
ඔහු කොතරම් දුරකින් සිටිය දී පවා හදවතින් බැඳෙන දෙදෙනෙකු අතර දී සමීප බවක් දැනීම, ඔවුන් විසින් එකම අහස බෙදා ගැනීම, ඔවුන්ගේ හදවත් තුළ ඇතිවන භෞතික වෙන්වීම ඉක්මවා යමින් ගොඩනැගී ඇති නොබිඳිය හැකි බැඳීමක් පිළිබඳ කතා කරයි.
ප්‍රේමය කිසිවකුටත් වැළැක්විය නොහැකි ය

බග්රගේ සුමට ගායනය බැඳීමක ඇති පිරුණු බව ඔස්සේ ගලා යන ආදර හැඟීම ඔස්සේ ඔවුන් අතර හැඟීම්බර වාතාවරණයක් නිර්මාණය කරයි.
Though you are far away, I feel that you are near,
Whispering words from over the sea,
And if you wake in your night, remember that I will be here;
the same sun හි පද රචනය ලොව සෑම බැඳීමකටම සැනසීමක් සහ බලාපොරොත්තුවක් ලබා දෙන අතර, ආදරය යනු සැම විට ම දුරස්තභාවයෙන් යුතු බැඳීම් සෙනෙහසින් යා කරන මාර්ගයක් ලෙස දක්වා ඇත.
”හිරු නැගීම සහ සඳ බැබළීම ස්ථාවර වූ ස්වභාවික සංසිද්ධි ය. ඒ ඔස්සේ මම ඔබේ සෙවණැල්ල මෙන් සිට ඔබව උණුසුම්ව තබමි,”
“බබළන එකම සඳ මෙන්… මම ඔබේ අන්ධකාරයේ දීත් ඔබ දෙස නෙත් යොමා සිටිමින් ඔබව ආරක්ෂිතව උදෑසන ආලෝකය වෙතට ගෙන එන්නෙමි” යන අදහස ගෙන එයි.

ඒ ඔස්සේ ඔහුගේ ප්‍රේමය කිසිවකුටත් නොවැළැක්විය හැකි බවත් ඇයට ඔහු කෙරෙහි විශ්වාසය සහ ඔහුගෙන් ලැබෙන ප්‍රේමනීය උණුසුම පිළිබඳවත් සාක්ෂාත් කරයි. පෙම්වතියකට හෝ මිතුරියකට, ඇයගේ ළබැඳියාගෙන් ලැබෙන නොසැලෙන ආදරය සහ රැකවරණය මුසු සෙනෙහස ද තනි වූ මොහොතක සැනසිලිදායක සිතුවිල්ලකි.
ප්‍රේක්ෂක ආකර්ෂණය දිනීමේ ප්‍රධානම හේතුව
And if you’re crying inside, remember that I will be here.
ඔබ සිතින් හඬනවා නම් සිහිපත් කරන්න මම මෙතන සිටින බව යන පුනරාවර්තන ගී පද පෙළ මගින් ඔවුනොවුන්ගේ සිතෙහි ඇති කැපවීම, බලාපොරොත්තුව පිළිබඳව ගැඹුරින් අවධාරණය කරයි. කුමන ගැටලුවක දී හෝ අන්ධකාරය තුළ දී ද සැම විට ම තම ආදරණියයා වෙත ආලෝකයක් වන බව මේ ඔස්සේ අවධාරණය වන සත්‍යයයි. මෙය ගැඹුරු සංවේදනයක් දනවන වැකියකි. එය ප්‍රේමයම ගැන පමණක් නොව, ජීවිතයේ අත්විඳීමට ලැබෙන අභියෝග හරහා තවත් පුද්ගලයෙකුව රැකගනිමින් පෝෂණය කරන ආදරය සහ සෙනෙහසද විද්‍යමාන කරවයි.

එය හුදෙක් ප්‍රේමයම වීමට අවශ්‍ය නැත.මිතුදමක්, සොයුරු පෙමක් වුවද විය හැකියි. මෙම චේතනාන්විත පුළුල් බව ශ්‍රාවකයින්ට ගීතයට තමන්ගේ සෑම සබඳතාවක ම ප්‍රක්ෂේපණය කිරීමට ඉඩ සලසයි. එමගින් එය විවිධ ආකාරයේ ගැඹුරු බැඳීම්වල පවතින සම්බන්ධතා සමග ගැඹුරින් අනුනාද වේ. ඔහුට අවශ්‍ය වූයේ එය “මගේ ගීතය” නොව “ඔවුන්ගේ ගීතය” වීමට යි, මෙම ගීතය සෑම කෙනෙකුටම සෑම අයුරකින්ම අර්ථවත් හා සුවිශේෂි දෙයක් වීම දැකීමටයි.
ගීතයේ මෘදු තනුව සමග මුසු වුණ පියානෝ වාදනය මිනිස් සිත තුළ සන්සුන් සේම චිත්තවේගීය හැඟුමන් වර්ධනය කරවන ගීතයකි.බග්ර් ගේ සියුම් සුමට කටහඬ ගීතයේ තිව්‍රතාවය වැඩි කර ඇත. එය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනීමේ ප්‍රධානම හේතුවක් වන බව ගීතය අසන අපට හොඳින් ම දැනෙන කරුණකි.
අප සියල්ලන් ම හිරුගේ දරුවන් ය
Same sun, same moon,
Same sun, same moon,
Same soul, same heart,
Same world, same stars, you will be forever in my world;

සෙල්ටික් කවියෙන් ආභාෂය ලැබූ මෙම ගීතයේ පද රචනය, භෞතික වෙන්වීම නොතකා ඇතිවන සමීපතාව සංකේතවත් කරමින්, හිරු, සඳ වැනි සොබා දහමේ වස්තු ඔස්සේ දෙදෙනකු අතර ඇතිවන බැඳීමක ගෞරවාන්විත බව සහ එක්වීම පෙන්නුම් කරයි. එමෙන්ම ගැඹුරු චිත්තවේගීය හා කාව්‍යමය සන්ර්භධයක් සහිත ගීතයකි. හිරු තුළින් උණුසුම, බලාපොරොත්තුව සංකේතවත් කරන අතර සඳු ඔස්සේ බැඳීමක ඇති විශ්වීය නියතයක් පෙන්වයි. මොවුන් දුරක වෙන්ව සිටියත් රැයෙහි අහසේ දිදුලන සඳේ රැස් තුළින් මොවුන් මනසින් සම්බන්ධ වී ඒ ඔස්සේ ඔවුන් තුළ ඇතිවන හැඟුමන් බෙදාගැනීමයි.
ප්‍රේමය යනු සෑම පුද්ගලයකුම අත්විඳින විශ්වීය හැඟීමක් නිසාම මෙම ගීතය ප්‍රේක්ෂක හදවත් තුළ හර්දයාංගමව අනුනාද වේ. the same sun හුදෙක් ගීතයක් නොවේ. එය හදවත් රන් හුයකින් බැඳී නොමියෙන හැඟීමක් සේම සදාකාලික සත්‍යයකි.
ආගම්, ජාති සහ තවත් කුලකවල බෙදී වෙන් වී ඇති ලොවක The Same Sun ගීතය අප වෙනස් වීමට වඩා සමාන හැඟීමකින් යුක්ත බව හඟවන ආලෝකයේ ප්‍රතිමුර්තියකි. නූතන සංගීතයේ අව්‍යාජ කළා කෘතියක් වන එය අපට හුස්ම ගැනීමට ජිවත් වීමට සෑම දෙයකට ම ආලෝකය අවැසි සේම අප සියල්ලන්ම හිරුගේ දරුවන් බව සිහිපත් කරයි. එය කොන්දේසි විරහිත නියත සහ නොසැලෙන ආදරයකට සාක්ෂියකි, එලෙසම ඔවුන්ගේ වෙන්වීම නොතකා ඔවුන්ගේ සිතට සහ ආත්මයට සැනසීම සහ පැවැත්ම ලබා දෙයි.
මට රැයෙහි නින්ද අහිමිය, ඔබව සිහිපත්වන බැවින්
සුළඟේ ඔබේ නම රැව් දෙද්දී පවා .
ඔබ දුරින් සිටියත්, මට දැනෙන්නේ ඔබ මා අසල බවයි.
සාගරයට ඉහළින් වදන් මුමුණද්දී
ඔබ රැයෙහි අවදිව සිටියහොත්, සිහි කරන්න මම මෙතන සිටින බව.

පිණිබිඳු සමගින් උදැසන හිරු නිම්නයට නැගෙනවා සේ
ඔබේ සෙවණැල්ල සමගින් මාද ඇවිදිවී ඔබව උණුසුම් කරමින්.
රැයෙහි මා ජනේලය තුළින් දිලෙන සඳ හා සමව
මම ඔබේ අන්ධකාරය දෙස දෑස් යොමමින් සිට, ඔබව රකිමින් උදැසන ආලෝකය වෙත ගෙනෙමි.
කොතැනද ප්‍රේමය පවතින්නේ මෙලෙසින් සදාකාලිකව හැමවිටම,
ඔබ අසල මම හිඳිවී.
කොතැනක හදවත් එකම ආත්මයක් ලෙස පවතින්නේද
මෙලොව කිසිවකුට අප වෙන් කළ නොහැකි ය,
ඔබ සිතින් හඬයි නම් සිහිපත් කරන්න මා මෙතන හිඳින බව..
එකම ඉරක් , එකම සඳක්
එකම ඉරක්, එකම සඳක්
එකම ආත්මයක්, එකම හදක්
එකම ලොවක්, එකම තාරකා ,ඔබ මගේ ලෝකයම වී හිඳීවී සදාකාලිකව ම.

එකම ඉරක් , එකම සඳක්
එකම ඉරක්, එකම සඳක්
එකම ආත්මයක්, එකම හදක්, අහා…! ඔබට මම ආදරෙයි
එකම ලොවක්, එකම තාරකා, ඔබ මගේ හදෙහි රැඳෙවී සදාකල්හි ම.
I cannot sleep tonight, I have you on my mind,
Even the wind is calling your name,
Though you are far away, I feel that you are near,
Whispering words from over the sea,
And if you wake in your night, remember that I will be here;
And like the same sun that’s rising on the valley with the dawn,
I will walk with your shadow and keep you warm,
And like the same moon that’s shining through my window here tonight,
I will watch in your darkness, and bring you safely to the morning light;
Where there is love like this, forever, for all time,
I will be there wherever you are,
And where there are hearts that live together in one soul,
Nothing on earth will keep us apart,
And if you’re crying inside, remember that I will be here;
And if you’re crying inside, remember that I will be here;
And like the same sun that’s rising on the valley with the dawn,
I will walk with your shadow and keep you warm,
And like the same moon that’s shining through my window here tonight,
I will watch in your darkness, and bring you safely to the morning light;
Same sun, same moon,
Same sun, same moon,
Same soul, same heart,
Same world, same stars, you will be forever in my world;
Same sun, same moon,
Same sun, same moon,
Same soul, same heart, oh, I love, I love you, I love you,
Same world, same stars, you will be forever in my heart.

Album: Quiet Revolution
Released: 1999
Artist: Chris de Burgh
Genres: Pop, Rock

(සටහන | නිලක්ෂි බණ්ඩාර)
නිදහස් ලේඛිකා
[email protected]