පුංචි තිරයේ නිළි රැජිනිය

    0
    41

    ගැහැණියෙකුට පුළුවන්ද මේ තරම් වෙනස් මුහුණු වරයන්ට හැඩගැහෙන්න.,


    ඉන්දියාවේ සමහර චිත්‍රපට තිබෙනවා මෙලොව රහක් නෑ නමුත් චිත්‍රපටය කොයි තරම් අතාත්වික වුණත් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව කරන නිළියට පුළුවන් චිත්‍රපටය ඉහළම තැනට ගෙනියන්න.එවැනි අතාත්වික චිත්‍රපට ඉහළට ඔසවා තැබූ නිළියන්නම් , තමන්නා, නයන්තාරා.ඔවුන් නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය චිත්‍රපටයට හිමිවෙනවා.

    ලාංකීය ටෙලිවිෂණය තුළ එවැනි හැකියාවක් ඇති එකම රංගවේදීනිය චාන්දනී සෙනවිරත්නයන්ය. නමුත් වාසනාවකට ඇය රඟපෑ සෑම නිර්මාණයක්ම ප්‍රබල තේමාවක් තිබෙන පට්ට ටෙලිය.චාන්දනී සෙනෙවිරත්න යනු කිසිම දවසක දුර්වල රංගනයක් කළ නිළියක නොවේ ‘බුමුතුරුණු’ ටෙලිනාට්‍යයේ රංජනීගෙන් පටන් ගත් චරිත හරඹය ‘රීකන්ඩිෂන් කෙල්ල’ දක්වා නොමැකෙන මතක තැබූ විශිෂ්ටතම ධාරිතාවේ රංගන පෙරළියකි.

    චාන්දනී යනු ඇවිදින පුස්තකාලයක් බඳු රංගවේදනිය කි.චරිතවල ජීවත් වන්නේ කෙසේදැයි දැනගැනීමටත්, හැඟීම් රංගනය මුදා හරින්නේ කෙසේදැයි දැනගැනීමටත් ඇගේ රංගනය දෙස පමණක් බලා සිටින්න .සමහර අංක එකේ නිළියන් යැයි කියාගන්නා අයගේද ඇතැම් නිර්මාණවල දුර්වල රංගනයන් දක්නට තිබුණත් මෙතුමියගේ කිසිම නිර්මාණයක දුර්වල බවක් ,ඕවර් acting ගතියක් දක්නට නැත.දරිද්‍රතාවෙන් පෙළෙන ඈත වන්නියේ දුක් විඳින ගැහැණියත්, කොළඹ හතේ සුපිරි පැලැන්තියේ ගැහැණියත් ,ඒ අතර මධ්‍යම පාන්තික ගැහැනියක් වන්නට ඇයට ගතවන්නේ තත්පරයක් පමණි.

    වෙලාවකට හිතෙනවා කොහොමද මෙහෙම රඟපාන්නේ කියලා.ඒ රඟපානවා නොව චරිත වල ජීවත් වීමයි.ඇය තරම් විශිෂ්ට චරිතාංග නිළියක් නැති තරම් ඇය රඟපෑ සියලූම චරිත එකිනෙකට වෙනස්ය.නිසලවිල ,කස්තිරම වැනි ටෙලි නාට්‍ය වල දුක් විඳි ගැහැනියම.

    සංක්‍රාන්ති සමය ,අම්මයි තාත්තයි වැනි ටෙලි නාට්‍යවල පොෂ් ගැහැනියත්,දූ දරුවෝ පීතෘ වැනි ටෙලි නාට්‍යවල මධ්‍යම පාන්තික ගැහැනියත්.අමතක නොවන රංගන පරාසයන්ය.එලෙසින්ම කරුවල ගෙදර මාටින් වික්‍රමසිංහයන් දුටු රතුහාමීව ප්‍රතිනිර්මාණය කරන්නට ඈ තුල වූ හැකියාව විශිෂ්ටය. චෙස් රළ බිඳෙන තැන, සුසුම් රස්තියාදුව වෙනමම ලෙවල් එකේ චරිතයන්ය.

    නෑදෑයෝ සුමාලි අමතක නොවන චරිතයකි.සහෝදරයා, ගම් පෙරළිය, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත්‍, දෙයියෝ සාක්කි ,ඉලන්දාරි හැන්දෑව ,මහ පොළොව ,නන්නාදුනන්නී වන්වේ ,ඇතුළු අති විශිෂ්ට ටෙලි රැසක විවිධ භූමිකාවන් මැවූ දක්ෂතම රංගවේදනයකි.සිනමාවේ ද බොහෝ නිර්මාණවලට ඇය සිය දායකත්වය ලබාදුන්නාය.සතිපූජා ,ස්ත්‍රී, සිසිල ගිනි ගනී ,තීර්ථ යාත්‍රා, සුළඟ ,උඩුගංයාමය ,සෙව්වන්දී ,නිකිණි වැස්සඋත්පල වන්නා, එකමත් එක රටක, ඉර හඳ යට ,විදූ ,කුස පබා, බොරදිය පොකුණ, දැවෙන ව්‍හගුන්,ඒ අතර ප්‍රමුඛ වේ.
    නිකිණි වැස්ස සහ සුළඟ ඇගේ සිනමාත්මක රංගනයේ වඩාත්ම විශිෂ්ටතම රංගන පෙරළියකි.

    සිනමාවේ දී මෙයට වඩා ඇගේ දායකත්වය ලබා ගැනීමට තිබුණි.වේදිකාව තුළද සජීවී රංගනයෙන් ඇය ඔප කළාය.ඇය සිටී නම් ඕනෑම නිර්මාණයක් බලනවා.
    යන හැඟීම ප්‍රේක්ෂකයන්ට ජනිත කරන්නට සමත් සම්මානික රංගවේදනියකි.සුදු ,කළු, අළු, ප්‍රහසන, රොමැන්ටික් වැඩිහිටියන්ට පමණයි ඕනෑම ලේබලයක චරිතයකට මාරු වන්නේ ක්ෂණිකවය.


    රැජිනක් යනු සියලු දේ කළ හැකි ෆුල් පැකේජ් එකකි චාන්දනී සෙනරත්නයන්ද එසේය. ඇය පුංචි තිරයේ නිළි රැජින කිව්වොත් නිවැරදියි.
    ඒකාකාරි නොවූ විවිධ භූමිකාවන් ඇගේ හැකියාවන්ගෙන් ප්‍රතිනිර්මාණය වීම එයට හේතුවයි.


    ප්‍රේක්ෂක ආදරය තුළ තවත් බොහෝ කාලයක් ඇගේ රංගනයෙන් රඟ මඬල බබලවන්නට ශක්තිය ලැබේවා.

    කර්තෘ – ශාන් ඉද්දමල්ගොඩ
    ( ශාන් ඉද්දමල්ගොඩ ගේ මුහුණු පොත ඇසුරිනි)

    mirrorarts

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here