කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වයන් පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (නොවැම්බර් 25) යෙදී තිබෙනවා. මෙම සුවිශේෂී දිනය සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී අද පැවැති පාර්ලිමේන්තු විවාදයට සහභාගී වූ බව වාර්තා වේ.
කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව ගෝලීය මට්ටමින් දැනුවත්භාවය ඇති කිරීම සහ එය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම අරමුණු කරගනිමින් සෑම වසරකම නොවැම්බර් 25 වැනිදා මෙම දිනය සමරනු ලබනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලොව පුරා සිටින සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම සිය ජීවිත කාලය තුළ කුමන හෝ ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන බවයි.



