හර්ෂිකා වීරරත්න මාතලේ මහා නගර සභාවේ නව නාගරික කොමසාරිස්වරිය ලෙස රාජකාරි භාරගනියි

0
5

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන හර්ෂිකා වීරරත්න මාතලේ මහා නගර සභාවේ නව නාගරික කොමසාරිස්වරිය ලෙස රාජකාරි භාරගෙන තිබේ.

ඇය රාජකාරි භාරගැනීම සහ පිළිගැනීමේ අවස්ථාව පසුගියදා මාතලේ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මාතලේ නගරාධිපති අජිත් කොට්ටහච්චි ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්, මහා නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හර්ෂිකා වීරරත්නගේ නව පත්වීමත් සමඟ මාතලේ මහා නගර සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සහ නගර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඇයගේ දායකත්වය වැදගත් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here