‘යුධ ගිනි මැද මියයන අහිංසකාවියෝ’ – ලෝක යුද බිම්වල කාන්තාව මුහුණ දෙන ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

    0
    14

    එදා පටන් අද දක්වාම නොනවතින බල අරගල ලෝකයට අලුත් දෙයක් නොවේ. නමුත් මෙකී යුධ ගැටුම් වල සැබෑ වින්දිතයන් බවට පත්වන්නේ කවුරුන්ද? පසුගිය වසරේ පමණක් ලොව පුරා පැවැති සන්නද්ධ ගැටුම්වලින් සිවිල් වැසියන් 37,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එහෙත් මෙහි ඇති වඩාත්ම කම්පන සහගත පුවත වන්නේ, ඒ අතරින් සෑම මරණ හතරකින් එකක්ම කාන්තාවකගේ හෝ ගැහැණු ළමයෙකුගේ වීමයි. 2021 වසරට සාපේක්ෂව යුද බිම්වල මියයන කාන්තාවන්ගේ ප්‍රතිශතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ඔක්තෝබර් 26 දා නිකුත් කළ අලුත්ම වාර්තාව වන 2026 IN Secretary – General’s report on Women, Peace and Security මඟින් අනාවරණය කරයි.

    මෙම වාර්තාවට අනුව, ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමයින් මිලියන 750කට ආසන්න සංඛ්‍යාවක් දැනට සක්‍රීය යුද ගැටුම් පවතින ප්‍රදේශවලට කිලෝමීටර් 50ක සීමාව ඇතුළත ජීවත් වෙති. මෙය 1990 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.

    යුද බිමකදී කාන්තාවකට ඇති තර්ජනය බෝම්බ සහ වෙඩි උණ්ඩවලට පමණක් සීමා වන්නේ නැත. 2022 සිට 2025 දක්වා කාලය තුළ ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසනයන් සිව්ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඊට අමතරව, යුද්ධය විසින් කාන්තාවන් අන්ත දරිද්‍රතාවයට ඇද දමයි. දැනට ගැටුම් පවතින කලාපවල ජීවත්වන කාන්තාවන් මිලියන 170ක් පමණ දිනකට ඩොලර් 3කට වඩා අඩු ආදායමකින් අන්ත අසරණව දිවි ගෙවති.

    එමෙන්ම, යුදමය තත්ත්වයන් හමුවේ පවුලේ සහ ගෘහස්ථ කටයුතු වෙනුවෙන් කාන්තාවන් වැය කරන නොගෙවන ශ්‍රමය, පිරිමින්ට සාපේක්ෂව පස්ගුණයකින් ඉහළ ගොස් ඇත. නූතන යුද තාක්ෂණයේ දියුණුවත් සමඟ ඩ්‍රෝන යානා, දිගු දුර මිසයිල සහ කෘත්‍රිම බුද්ධිය (AI) සහිත ආයුධ ජනාකීර්ණ ප්‍රදේශවලට එල්ල වීම නිසා පාසල්, වෙළඳපොළවල් සහ රෝහල් පවා අද සුරක්ෂිත නැති තත්ත්වයකට පත්ව ඇත.

    දේශපාලනය සහ නායකත්වය තුළ කාන්තාවන් විසින් ප්‍රජාවන් ආරක්ෂා කරමින්, සාමය ගොඩනැගීමට සහ අවතැන් වූවන්ට සෙවන සැලසීමට පෙරමුණ ගත්තද, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාම සාකච්ඡාවලදී ඔවුන්ව කොන් කර තිබෙන බවක් පෙනී යයි. 2025 වසරේදී ලොව පුරා පැවැති සාම සාකච්ඡා 57කදී කාන්තා නියෝජනය පැ පැවැතියේ 5%ක තරම් පහළ මට්ටමකයි.

    යැයි එක්සත් ජාතීන්ගේ කාන්තා අංශයේ (UN Women) විධායක අධ්‍යක්ෂිකා සීමා බාහවුස් (Sima Bahous) පෙන්වා දෙන්නීය. මූල්‍ය අර්බුද හේතුවෙන් අර්බුදකාරී කලාපවල ඇති කාන්තා සංවිධානවලින් 40%ක් ඉදිරි වසර ඇතුළත වසා දැමීමේ අවදානමකට ලක්ව ඇත.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවලිය අවධාරණය කරන්නේ, යුද ගැටුම්වලදී කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතර සාම ක්‍රියාවලීන් සඳහා ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබාගත යුතු බවයි. යුද්ධයේ විනාශයෙන් ලෝකය මුදවා ගැනීමට නම්, ආයුධ වෙනුවෙන් කරන අසීමිත වියදම් වෙනුවට, කාන්තා නායකත්වය සහ සාම සාධක කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීම අද දවසේ කඩිනම් අවශ්‍යතාවයක් වන්නේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here