“නයිජීරියාවේ සාමය සහ ආරක්ෂාව පිළීබඳ න්‍යායපත්‍රයේ මූලික පදනම විය යුත්තේ කාන්තාවගේ ආරක්ෂාවයි.” – නයිජීරියානු කාන්තා කටයුතු සහ සමාජයීය සංවර්ධනය පිළිබඳ අමාත්‍යවරිය කියයි

0
13

එම ප්‍රමාණය රට පුරා සිටින වින්දිතයන්ගේ අවශ්‍යතා සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරිය, මේ සඳහා විශේෂිත මධ්‍යස්ථාන, ආරක්ෂිත නවාතැන්පොළවල් සහ සම්බන්ධීකරණය කරන ලද ආධාරක සේවාවන් සඳහා වහාම ආයෝජනයන් වැඩි කළ යුතු බව ප්‍රකාශ කළාය.

ලිංගික සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (SGBV) ගොදුරු වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර, උපදේශනය, පුනරුත්ථාපනය සහ අභිප්‍රේරණය ලබාදීම වෙනුවෙන් ෆෙඩරල් රජයේ කැපවීම ගැන සඳහන් කරමින් ඇය මේ බව කියා සිටියාය. කෙසේවෙතත් බොහෝ වින්දිතයන්ට ආරක්ෂිත නවාතැන්, මානසික සහය, නීතිමය ආධාර සහ ආර්ථිකමය බලගැන්වීම් ලබාගැනීමේදී තවමත් බාධාවන්ට මුහුණ දීමට සිදු වන ද බව ඇය සඳහන් කළාය.

සමාජීය අගතිය, පලිගැනීම් පිළිබඳ බිය, ආර්ථික පරාධීනතාව සහ නීතියට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් බොහෝ දෙනෙකු තමන්ට සිදුවන හිංසනයන් වාර්තා කිරීමට පසුබට වන බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එබැවින් රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සිවිල් සංවිධාන, ආගමික නායකයන් සහ ජනතාව එක්ව වින්දිතයන්ට රහස්‍යභාවය සුරකින, කාරුණික සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට එක්විය යුතු බව ඇය අවධාරණය කළාය.

2015 හිංසනයට එරෙහි පනත සහ 2003 ළමා අයිතිවාසිකම් පනත වැනි නීතිමය රාමූන් හරහා කාන්තාවන්ට සහ ළමයින්ට ප්‍රායෝගිකව ආරක්ෂාව සැලසිය යුතු බවත්, වින්දිතයන් තනි නොකර ආරක්ෂිත මධ්‍යස්ථාන ජාලය රට පුරා ව්‍යාප්ත කළ යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. මෙම මධ්‍යස්ථාන 52 පිහිටා ඇත්තේ ප්‍රාන්ත 25 ක සහ ෆෙඩරල් අගනුවර ප්‍රදේශයේ පමණක් වන අතර, එයින් පෙනී යන්නේ රට පුරා මෙම සේවාවන් විෂම ලෙස ව්‍යාප්ත වී ඇති බවයි.

කාන්තාවන්ට ගෞරවනීය සහ ආරක්ෂිත ජීවිතයක් නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම උදෙසා මෙම සේවාවන් ව්‍යාප්ත කිරීම සහ ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව නයිජීරියානු කාන්තා කටයුතු අමාත්‍යවරිය අවසාන වශයෙන් අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here