ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති UConn (Connecticut) කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම, සිය නව තරග වාරය ආරම්භ කරමින් Cornell කණ්ඩායමට එරෙහිව අද (නොවැම්බර් 02) Hartford හිදී තරග බිමට පිවිසෙයි.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයේ පසුවන Geno Auriemma ගේ පුහුණුකාරීත්වයෙන් යුතු UConn Huskies කණ්ඩායම, මෙවර තරග වාරයේදී නැවතත් ශූරතාව හිමිකර ගැනීමේ දැඩි අභිලාෂයෙන් පසුවේ. අනෙක් පසින් Emily Garner ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් යුත් පළපුරුදු සංචිතයක් සමඟ Cornell කණ්ඩායම මෙම තරගයට මුහුණ දීමට සූදානමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටහන කල්පනී ෂමල්කා
මූලාශ්‍රය sports yahoo.com වෙබ්පිටුව




