බ්රිතාන්ය-බංග්ලාදේශ ජාතික අනිසා ඛාන්, ඔක්තෝබර් 23 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් හිදී ආරම්භ වන පොදුරාජ්ය මණ්ඩලීය කබඩි ශූරතාවලිය සඳහා වන එංගලන්තයේ ජාතික කාන්තා කබඩි කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර තිබේ.
ලන්ඩන් ආර්ථික විද්යා පාසලේ (LSE) උපාධිධාරිනියක් වන ඇය, ව්යවසායිකාවක මෙන්ම Bombay Pizza ආයතනයේ නිර්මාතෘවරියද වන්නීය. විශ්වවිද්යාල සමයේ, එනම් 2017 වසරේදී කබඩි ක්රීඩාවට පිවිසි ඇයගේ මෙම පත්වීම ජාත්යන්තර ක්රීඩා පිටියේ විදෙස් නියෝජනය ඉස්මතු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය The Prestige Magazine




