සකුරා මල් පිපෙන රටේ ඉඳන් ආර්ථික විද්‍යාවත්,සංගීතයත් සමබරව කරන මිදොරි

0
36

මේ දවස්වල මගේ Summer Vacation එක ඉවර වෙන්න ළඟයි. Autumn ඍතුව ළඟා වෙන නිසා මගේ ආචාර්ය උපාධියේ ඉදිරි වැඩකටයුතු කරගෙන ඉතාම සතුටින් කාලය ගෙවනවා.

මම ජපන් රජයේ MEXT ශිෂ්‍යත්වය හරහා ඇවිත්, මේ වෙද්දී Nagova විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියේ දෙවන වසර ආරම්භ කරමින් ඉන්නේ.

ඒක අහම්බයක්. රාහුල දහම් පාසලේ 1 වසරේ ඉඳන් කවි සහ විරිදු ගායන තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබීමෙන් තමයි මගේ හඬ පාලනයට සහ සංගීතයට මුලින්ම මූලික අඩිතාලම වැටුණේ.

මම 1-7 ශ්‍රේණි දක්වා කොළොන්නාව බාලිකා විද්‍යාලයේත්, 8 සිට A/L දක්වා සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේත් ඉගෙනගත්තා. සිරිමාවෝ එකේදී ජයනි කපුගේ ගුරුමෑණියන් යටතේ නාට්‍ය හා රංගකලාව හදාරමින්, පාසල් වේදිකා නාට්‍යවල රඟපාන්න සහ සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබුණා. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් Business Statistics පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන අතරතුර Sirasa TV The Voice 1 තරඟාවලියට සහභාගී වීමෙන් තමයි සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ.

මගේ මුල්ම නිර්මාණය මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද සහ රෝහණ වීරසිංහයන්ගේ තනුවෙන් හැඩවුණු ‘මන්දෝදරී මා…‘ ඊට අමතරව ‘ප්‍රේමයේ ඇරඹුම‘, ‘ඇබින්දක් නුඹ‘, සහ ‘සේපාලිකා‘ වැනි ගීතත් ප්‍රේක්ෂකයන් වැළඳගත්තා. විශේෂයෙන්ම Re-condition කෙල්ල‘ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කිරීම වෙනුවෙන් Raigam Tele Award සහ Sumathi Awards යන උළෙල ද්විත්වයේදීම ‘වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව‘ ලෙස නිර්දේශ වීමට (Nominate) මට අවස්ථාව ලැබුණා.

‘සරසවි උයන‘ වැඩසටහනේදී ගායනා කළ ‘කොහොම අතරදමා යමුද‘, ‘මා සිතට අහම්බෙන්‘ සහ ‘සිරිපාද වන්දවන්න‘ යන සජීවී ගීත ගායනා හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. මෙහිදී ඒ අමරණීය මුල් ගීත නිර්මාණකරුවන්ට සහ ගායක ගායිකාවන්ට මගේ ගෞරවය සහ හදපිරි ස්තූතිය පිරිනමනවා.

මගේ ආදරණීය පවුලේ අය. ආර්ථික විද්‍යාව සහ සංගීතය කියන වෙනස් ක්ෂේත්‍ර දෙක එකට සමබර කරගන්න මට ශක්තිය වුණේ එයාලා. ඊට අමතරව ජයනි කපුගේ ගුරුමෑණියන් ඇතුළු ගුරුවරුන්, මිතුරන් සහ ප්‍රේක්ෂකයන් මගේ පිටුපස සිටිනවා.

මගේ පවුලේ හැමෝම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නේ. තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න. දැනට ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයෙක්. අම්මා අනුරාධා කරුණාරත්න විශ්‍රාමික ගුරුවරියක්. අයියා නාගානන්ද විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙක්, අක්කා ජපන් භාෂා ගුරුවරියක්.

PhD එක ඉවර වෙනකන් ලංකාවට ඇවිත් යන ගමන් සංගීත කටයුතු කරනවා. ආචාර්ය උපාධියෙන් පසුව පූර්ණ කාලීනව ලංකාවේ ඉඳන්ම නව නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවීමට බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here