අපි විදේශීය ගීත අහන්න පුරුදු වෙලා හිටියට ඒ රටවල් වල අයත් අපේ ගීත අහනවා කියල කිව්වොත් ඔබ පුදුම වෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන් පහුගිය දවස් වල “මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් ලෝකයක් අතරට ගිය යොහානිට ආයෙත් සැරයක් විදෙස් රටකදී ලස්සනම ලස්සන පිළිගැනීමක් ලැබිලා. ඒ, ඉන්දියාවේ පැවති ‘Ziro Festival of Music 2026’ උළෙලට එක්වුණු අවස්ථාවකදීයි.
අරුණාචල් ප්‍රාන්තයේ Ziro Valley හිදී සිංහල බසින් ඇය ඉදිරිපත් කළ මේ අපූරු සංගීත ප්‍රසංගය ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. විශේෂයෙන්ම, ඇය “චුට්ටක් චුට්ටක්” ගීතය ගායනා කරන අතරතුර, විදේශීය රසිකයනුත් කිසිම භාෂාමය අපහසුතාවයක් නැතුව සිංහල පදවැල් අපූරුවට උච්චාරණය කරමින් ඇයත් එක්ක එකතු වෙලා ගීත ගායනා කරලා තියෙනවා. විශ්ව භාෂාවක් වෙන සංගීතයට බාධාවක් වෙන්න රටවල් අතර තියෙන භූගෝලීය සීමාවත් භාෂාමය බාධාවත් බලපාන්නෙ නැහැ කියන කතාවට මේ සිද්ධිය හොඳම උදාහරණයක්.
සටහන
කල්පනී ෂමල්කා




