ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ඉසව්වේ ජාත්‍යන්තර විනිසුරුවරියක ලෙස අමායා සිතුමිණි කළුකොටගේ පත් වී තිබේ.
ආසියානු ක්‍රීඩා උළෙලක ජිම්නාස්ටික් විනිසුරු මඬුල්ලක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඇය මෙලෙස ඉතිහාසයට එක් වීම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට මෙන්ම කාන්තා ප්‍රජාවට ද අභිමානයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා උපාධිධාරිනියක වන අමායා, මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල රැසක් නියෝජනය කළ දක්ෂ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවකි.
එදා ක්‍රීඩිකාවක ලෙස ජාත්‍යන්තර බිම ජයගත් ඇය, අද මෙලෙස විනිසුරුවරියක ලෙස රටේ නම ලෝකය හමුවේ ඔසවා තැබීමට සමත්ව තිබේ.




