දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ පාසල් 38කට අද (21) දින නිවාඩු ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පවතින ආපදා තත්ත්වයන් හමුවේ පාසල් පවත්වාගෙන යාම හෝ වසා තැබීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණ ගැනීමේ බලය පළාත් සහ කලාපීය අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, අද (21) උදෑසන 9.00 වන විට ලැබී වැඩිම පාසල් සංඛ්‍යාවක් වසා දමා ඇත්තේ මධ්‍යම පළාතෙන් වන අතර, එහි පාසල් 35ක් අයහපත් කාලගුණය නිසා අද දින පවත්වා නැත. මීට අමතරව සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලින් එක් පාසල බැගින් වසා දමා ඇති අතර, ඒ අනුව දිවයිනේ සමස්ත පාසල් 38ක කටයුතු අද දින තාවකාලිකව නවත්වා ඇත.
පවතින වර්ෂාපතනය සහ ගංවතුර හෝ නායයෑම් අවදානම් තත්ත්වයන් මත ඉදිරියේදීත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ ප්‍රදේශවල විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පියවර ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.




