“අකුරැස්ස අපිට විශේෂයි” බලය නැති කාලෙත් ජනතාව අපත් එක්ක සිටියා – අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

0
2

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කළේ, තමන්ට රාජ්‍ය, මූල්‍ය හෝ මාධ්‍ය බලයක් නොතිබූ සමයේදී පවා අකුරැස්ස ජනතාව තමන් සමඟ ශක්තිමත්ව නැගී සිටි බවයි.

කිසිදු බලයක් නොමැති වූ මුල් යුගයේදී අකුරැස්ස ප්‍රදේශයේ පැවති ප්‍රථම ආසන සම්මේලනය සඳහා මෙන්ම, 2023 වසරේ අවසාන භාගයේදී එම ක්‍රීඩාංගණයේදීම පැවති කාන්තා සමුළුව සඳහාද අතිමහත් ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බව ඇය සිහිපත් කළාය. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකක් සපිරෙන මෙම මොහොතේදීද ජනතාව තැබූ විශ්වාසය සහ ආදරය නොඅඩුව ලැබීම පිළිබඳව තමා නිහතමානී සතුටට පත්වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here