‘ShakthiSAT’ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ලාංකික දියණියක්

0
17

අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික පියවරේ තවත් දැවැන්ත සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙකු මේ වන විට STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබති.

එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන දියණිය, කීර්තිමත් ShakthiSAT International Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්ව ඇත.

මෙම නිල වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේදී (Gautam Buddha University) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නව දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇත.

මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරිය සහභාගී වන නිල රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රාජ්‍ය උත්සව කිහිපයකටම නියෝජිතවරියක ලෙස සෙනීසා දියණිය සහභාගී වීමට නියමිතය.

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here