“අපරාජිත පරාජිතයාගේ බිරිඳට ජනාධිපති අරමුදලේ සරණ”

    0
    8

    ඕනෑම ධාවන තරගයක වීරයා වන්නේත් වැඩිම අවධානය දිනා ගන්නෙත් එහි පළමුවැනි ස්ථානය හිමි කරගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බව කවුරුත් දන්නා දෙයක් වුවත් යම් තරගයක අන්තිමයා ඒ තරගයේ වීරයා වුවහොත්? එය සාමාන්‍ය සිදුවීමක් නොව අසාමාන්‍ය සිදුවීමක් වනු ඇත. 1964 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් තරගාවලියේදී එවැනි සිදුවීමක් මඟින් ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම ඔසවා තැබූ ඔහු ආර්.ජේ.කේ.කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්ද ය.

    රණතුංග කරුණානන්ද උපන්නේ 1936 වසරේ මැයි 21 වැනිදා මහනුවර අම්පිටියේය. අම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ කරුණානන්ද කුඩා කල සිටම දුර දිවීමේ දක්ෂයකු විය. පාසල් වියේ සිටම සහභාගී වන සෑම ක්‍රීඩා තරගයකදීම ප්‍රථමයා වූ ඔහු ජාතික තලයේ තරග ගණනාවකදීම සිය නම ඉහළින්ම සනිටුහන් කර ගැනීමට සමත් විය. කරුණානන්ද සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ශ්‍රී ලංකා පොලීසියෙන් වුවත් පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායට බැඳෙන්නේ යුද හමුදාවේ සේවය කිරීමට සිතේ තිබූ බලවත් ආශාව නිසාමය. වසර කිහිපයකට පසු මහනුවර සුදුහුම්පොළ ගම්මානයේදී දැන හැඳින ගත් එච්.කේ. හේමමාලි කුසුම් පෙරේරා සමඟ විවාහ වූ කරුණානන්ද දියණියකගේ සහ පුතකුගේ පියෙකි.

    යුද හමුදාවට බැඳී සිය ඉසව්වේ පුහුණුවීම් කටයුතු මනාව පවත්වාගෙන ගිය කරුණානන්දට ඒ සඳහා යුද හමුදාවේදී කිසිදු බාධාවකින් තොරව අවස්ථාව ලැබිණි. ඔහුගේ දස්කම් නිසාම 1964 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට භාග්‍යය හිමි විය. ඒ, පිරිමි මීටර 5,000 සහ මීටර 10,000 යන ඉසව් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.

    ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උලෙළට කරුණානන්ද සමඟ තවත් ක්‍රීඩකයන් හය දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළහ. මීටර් 10,000 ඉසව්වේ තරගය ආරම්භ වීමත් සමඟ පළමු පෙළ තරගකරුවන්ට වඩා පසුපසින් සිටි ඇතැම් තරගකරුවන් තරගය අත්හැර දමා අතරමඟින් ඉවත් වූයේ තවත් තරග කර ඵලක් නැති බව හඟවමිනි. කරුණානන්ද ද එසේ පසුබෑමට ලක් වූ අතර, එදා එම තරග ඉසව්ව ජයග්‍රහණය කළේ එක්සත් ජනපදයේ බිලී මිල්ස් නමැති ක්‍රීඩකයාය. ඒ වන විට අනෙකුත් තරගකරුවන් අතරමඟින් ධාවනය අවසන් කර තිබුණද කරුණානන්ද සිය ඉසව්ව සම්පූර්ණ කරමින් දිගටම ධාවනයේ යෙදෙන්නට විය. ඊළඟ තරගය සඳහා ධාවන පථය සකස් කිරීමේ අරමුණෙන් සිටි සංවිධායකයෝ පමණක් නොව ප්‍රේක්ෂකයෝ ද ඔහුගේ ක්‍රියාවෙන් පුදුමයෙන් පුදුමයට පත්වූහ. මුලින්ම ඔහුගේ ඒ ක්‍රියාව ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ සරදමට ලක්වුවත් විනාඩි කිහිපයක් ගතවන විට තවමත් ධාවන පථයේ තරග කරමින් සිටි අවසන් ක්‍රීඩකයා වූ කරුණානන්ද ගැන සියලු දෙනාගේ අවධානය යොමු විය. ඒ අනුව කරුණානන්ද අවසන් වටය දක්වා ධාවනයේ යෙදෙමින් තරගය නිමා කළේ ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍ය‌ෙය්ය.

    එදා තරගයේදී අපරාජිත පරාජිතයා ලෙස විරුදාවලී ලත් කරුණානන්දගේ එකී නොපසුබස්නා උත්සාහය ජපාන රජය ද ඉහළින්ම අගය කළ අතර, මේ ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයාට ඔවුහු සිය ගෞරවය පුද කළේ ඔහුගේ කතාව ජපාන පාසල්වල 5 වැනි ශ්‍රේණියේ පෙළ පොතෙහි පළමු පාඩම ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරමිනි.

    ඉන් නොනැවතුණු ජපන් රජය තවදුරටත් කරුණානන්ද අගය කරමින් 1975 වසරේදී ඔහුට ජපන් පුරවැසිභාවය සමඟ රැකියාවකට ඇරයුම් කළේය. එහෙත් කරුණානන්දට එම ගමන යාමට නොහැකි වූයේ ඊට සති දෙකකට පෙර ඔහු සේවය කරමින් සිටි අම්පාර යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි නාමල් ඔය ජලාශයේ ගිලී අබිරහස් ලෙස මිය යෑම හේතුවෙනි. මිය යනවිට ඔහු 36 වැනි වියේ පසුවූ අතර, එම මරණය අදටත් අබිරහසක් ලෙස සැලකේ. කරුණානන්ද ක්‍රීඩකයාට හිමි නිසි තැන හිමිකර දීමට පැවති රජයන් ‍කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

    සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් කරුණානන්ද නමින් ක්‍රීඩාංගණයක් ඉදි කරන බව පවසා ඇතද එය වචනවලට පමණක් සීමා වූ පොරොන්දුවකි. 2010 වසරේදී කරුණානන්දගේ පුතු එවකට සිටි ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබුණද ඊට ද සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැත. මෙතෙක් ඔහු වෙනුවෙන් ලැබී තිබූ උපහාරය ඔහු නමින් පාරක් නම් කිරීම පමණි.

    මෙවැනි පසුබිමක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමු වන්නේ කරුණානන්දගේ බිරියගේ අසනීප තත්ත්වය හා කරුණානන්ද පිළිබඳ මතකය අවදි කරමින් මුහුණු පොත මඟින් සිදු වූ අනාවරණයක් හේතුවෙනි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බැලීමෙන් පසුව අපරාජිත පරාජිතයාʹ නමින් ලෝක පූජිත ශ්‍රී ලංකා ඔලිම්පික් මැරතන් ක්‍රීඩක රණතුංග කරුණානන්දගේ බිරිය වන එච්.කේ. හේමමාලි කුසුම් පෙරේරාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මඟින් මූල්‍යාධාරයක් පිරිනැමීමට තීරණය කෙරිණි.

    ඒ අනුව ඉකුත් 17 වැනිදා නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඇය පදිංචි නිවසේදී මෙම මූල්‍යාධාරය ලබා දීම සිදු වූයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ, සිසිර සෙන්පති කහවත්තගේ හා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස ගේ ප්‍රධානත්වයෙනි.

    ඒ පිළිබඳ කරුණානන්දගේ පුතු , චන්න රණතුංග මෙසේ පැවසීය.

    “අද අපිට සතුටුදායක දවසක්. තාත්තා නැති වෙලා මේ වෙද්දි අවුරුදු පනස් දෙකක් වෙනවා. මේ වෙනකම් අපේ අම්මගේ සුවදුක් බලන්න, අපි ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. අම්මට දැන් වයස අවුරුදු අසූ හයක්. අම්මා වැටිලා උකුල් ඇටේ අස්ථීය බිඳිලා නිසා ඇයට ඇවිදීමට හැකියාවක් නැහැ.

    මම මේ ගැන මුහුණුපොතේ තැබූ සටහනක් ගැන ඉංජිනේරුවරයකු වන උපුල් රන්ජන් මහතා ජනාධිපති අරමුදලට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ජනාධිපති අරමුදලෙන් අම්මා ගැන විස්තර හොයලා බලලා මේ පරිත්‍යාගය කරන්න තීරණය කරලා තිබුණේ. තාත්තා නැතිවෙලා අවුරුදු පනස් දෙකකට පස්සේ ජනතාවාදී ආණ්ඩුවක් නියෝජනය කරමින් අම්මව බලන්න ආවා. ජනාධිපති අරමුදල අවභාවිත වූ කාලයක තාත්තා වෙනුවෙන් අම්මට මේ ලබා දීපු ගෞරවය සහ මුදල් පරිත්‍යාගය ගැන ජනාධිපතිතුමාටත් මේ ගැන කටයුතු කළ, ඊට සම්බන්ධ වූ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා.ඉන් නොනැවතුණු ජපන් රජය තවදුරටත් කරුණානන්ද අගය කරමින් 1975 වසරේදී ඔහුට ජපන් පුරවැසිභාවය සමඟ රැකියාවකට ඇරයුම් කළේය. එහෙත් කරුණානන්දට එම ගමන යාමට නොහැකි වූයේ ඊට සති දෙකකට පෙර ඔහු සේවය කරමින් සිටි අම්පාර යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි නාමල් ඔය ජලාශයේ ගිලී අබිරහස් ලෙස මිය යෑම හේතුවෙනි. මිය යනවිට ඔහු 36 වැනි වියේ පසුවූ අතර, එම මරණය අදටත් අබිරහසක් ලෙස සැලකේ. කරුණානන්ද ක්‍රීඩකයාට හිමි නිසි තැන හිමිකර දීමට පැවති රජයන් ‍කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

    සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් කරුණානන්ද නමින් ක්‍රීඩාංගණයක් ඉදි කරන බව පවසා ඇතද එය වචනවලට පමණක් සීමා වූ පොරොන්දුවකි. 2010 වසරේදී කරුණානන්දගේ පුතු එවකට සිටි ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබුණද ඊට ද සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැත. මෙතෙක් ඔහු වෙනුවෙන් ලැබී තිබූ උපහාරය ඔහු නමින් පාරක් නම් කිරීම පමණි.

    මෙවැනි පසුබිමක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමු වන්නේ කරුණානන්දගේ බිරියගේ අසනීප තත්ත්වය හා කරුණානන්ද පිළිබඳ මතකය අවදි කරමින් මුහුණු පොත මඟින් සිදු වූ අනාවරණයක් හේතුවෙනි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බැලීමෙන් පසුව අපරාජිත පරාජිතයාʹ නමින් ලෝක පූජිත ශ්‍රී ලංකා ඔලිම්පික් මැරතන් ක්‍රීඩක රණතුංග කරුණානන්දගේ බිරිය වන එච්.කේ. හේමමාලි කුසුම් පෙරේරාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මඟින් මූල්‍යාධාරයක් පිරිනැමීමට තීරණය කෙරිණි.

    ඒ අනුව ඉකුත් 17 වැනිදා නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඇය පදිංචි නිවසේදී මෙම මූල්‍යාධාරය ලබා දීම සිදු වූයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ, සිසිර සෙන්පති කහවත්තගේ හා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස ගේ ප්‍රධානත්වයෙනි.

    ඒ පිළිබඳ කරුණානන්දගේ පුතු , චන්න රණතුංග මෙසේ පැවසීය.

    “අද අපිට සතුටුදායක දවසක්. තාත්තා නැති වෙලා මේ වෙද්දි අවුරුදු පනස් දෙකක් වෙනවා. මේ වෙනකම් අපේ අම්මගේ සුවදුක් බලන්න, අපි ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. අම්මට දැන් වයස අවුරුදු අසූ හයක්. අම්මා වැටිලා උකුල් ඇටේ අස්ථීය බිඳිලා නිසා ඇයට ඇවිදීමට හැකියාවක් නැහැ.

    මම මේ ගැන මුහුණුපොතේ තැබූ සටහනක් ගැන ඉංජිනේරුවරයකු වන උපුල් රන්ජන් මහතා ජනාධිපති අරමුදලට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ජනාධිපති අරමුදලෙන් අම්මා ගැන විස්තර හොයලා බලලා මේ පරිත්‍යාගය කරන්න තීරණය කරලා තිබුණේ. තාත්තා නැතිවෙලා අවුරුදු පනස් දෙකකට පස්සේ ජනතාවාදී ආණ්ඩුවක් නියෝජනය කරමින් අම්මව බලන්න ආවා. ජනාධිපති අරමුදල අවභාවිත වූ කාලයක තාත්තා වෙනුවෙන් අම්මට මේ ලබා දීපු ගෞරවය සහ මුදල් පරිත්‍යාගය ගැන ජනාධිපතිතුමාටත් මේ ගැන කටයුතු කළ, ඊට සම්බන්ධ වූ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා.

    ජනතාව වෙනුවෙන් විවෘතව ඇති ජනාධිපති අරමුදල පිළිබඳ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මෙසේ අදහස් දැක්වීය.1964 වසරේ ඔලිම්පික් උලෙළේ ධාවන ඉසව්වකට සහභාගී වෙලා අපරාජිත පරාජිතයා ලෙස ලෝකයම දැන හඳුනා ගත් මැරතන් ක්‍රීඩක රණතුංග කරුණානන්ද මිය ගිහින් දැන් වසර පනහකට වැඩියි. නමුත් එතුමාගේ බිරිය පෙරේරා මහත්මිය රෝගාතුරවෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ජනාධිපති අරමුදලෙන් එතුමියගේ වෛද්‍ය ප්‍රතිකාර, පෝෂණය සහ සායනික අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක් මාස්පතා ලබා දීමට තීන්දුවක් ගත්තා.

    එතුමිය ඇවිදීමේ අපහසුතාවයෙන් පසුවන නිසා අපි නිවෙසටම ඇවිත් අදාළ චෙක්පත භාර දුන්නා. මීට පෙර ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලැබුණේ කාටද? ඒ කටයුතු සිදු වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. නමුත් දැන් මේ අරමුදල ජනතාවට විවෘත වෙලා තියෙනවා.

    රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්න, ශල්‍යකර්ම කරගන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ සමාජ සුභසාධන කටයුතු ආදී බොහොමයක් දේවල්වලට ජනාධිපති අරමුදලින් උදවු උපකාර කරනවා.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පත් කර ඇති අරමුදලේ නියෝජිතයන් හරහා තමන්ගේ අවශ්‍යතාව අනුව අයදුම්පත් යොමු කරලා ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත හැකියි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here