වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දූෂණයට ලක් වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකාර හිමිනම වයස අවුරුදු 25 වන බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් බව පොලිසිය සඳහන් කරනවා.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.
සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැර ඇති බව සඳහන්.
මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




