නීතිඥ ස්වස්තිකාට අපහාස කළ මන්ත්‍රීට පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි

0
27

නීතිඥ ස්වස්ථිකා අරුලිංගම්ට බරපතළ අපහාස කරන ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

බිමල් රත්නායක මෙසේද පැවසීය.

“අපි දන්නවා මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ සිද්ධවූ බව. නීතිඥ ස්වාස්ථිකා අරුලිංගම් මහත්මිය ගැන මන්ත්‍රීවරයකු බරපතළ අපහාසාත්මක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇය මේ සිද්ධිය වාර්තා කරලා තියෙනවා. අපිත් මේ ගැන දන්නවා. මේ පිළිබඳව සොයා බලා සුදුසු ස්ථාවර නියෝගයක් මත පදනම්ව කටයුතු කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

කාන්තා ඇමතිනියට අසාධාරණ විවේචන

මේ අතර කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්ට එල්ල කරන අසාධාරණ විවේචන නතර කිරීමට මුස්ලිම් දේශපාලන නායකයින් මැදිහත් විය යුතු බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ මුස්ලිම් මෙන්ම හින්දු සහ උඩරට ජනතාවට අදාළ වන පෞද්ගලික නීති ගණනාවක් මෙරට තුළ පවතින බවත් අදාළ ඉස්ලාමීය නීති වෙනස් කරන්නේ නම් එය එම ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පමණක් සිදු කරන බව ජනාධිපති අපේක්ෂක වශයෙන් සිටියදී අනුර කුමාර දිසානායක ද ප්‍රකාශ කර ඇති බවයි.

එසේ තිබියදී, පළාත් පාලන ඡන්දයේදී වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය ඉලක්ක කොට ගනිමින් නින්දිත ප්‍රහාර එල්ල කරන බව බිමල් රත්නායක මෙහිදී සඳහන් කළා.

“සමහර මුස්ලිම් දේශපාලකයින්ගේ දේශපාලනය හරාම්, business හරාම්, එයාලා ආගම නාමයෙන් කරන ඒවත් හරාම්…”

මම දුක් වෙනවා ගරු කතානායකතුමනි, ස්වර්ගය ඇත්තේ මවගේ දෙපතුලට පහළිනි කියලා හදීස්වල තිබියදී, අම්ම කෙනෙක් වෙච්ච කාන්තා කටයුතු ඇමතිනියට මෙහෙම කරන එක ගැන, අපි පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් කියලා තියෙනවා අපි ජාතිවාදය කරන්නේ නෑ කියලා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here