මාලිමාවේ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව කැලී බල්තසාර්

0
17

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික

කැලී බල්තසාර් නම් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ පැවති රැස්වීමකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු කියා සිටියේ සියලුම පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවෙන් 25%ක් සඳහා ජාතික ජන බලවේගය කාන්තා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මීළඟ කොළඹ නගරාධිපතිනිය ඇයයි,” – සුනිල් වටගල

මේ අතර නමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුයේ, ව්‍රායි කැලී බල්තසාර්ගේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය පළකළහ.

“ජයග්‍රහණය කරනවා පමණක් නෙවෙයි මීළඟ කොළඹ නගරාධිපතිනිය ඇයයි,” සුනිල් වටගල වැඩිදුරටත් පැවසුවේය.

ඒ, අතර ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර් පවසන්නේ, දූෂණයෙන් පිරුණු පළාත් පාලන ආයතනවල වෙනසක් ඇති කළ යුතු බව ය.

ඇය පැවසුවේ, පාර්ලිමේන්තුවේ තීරණ බිම් මට්ටමට ගෙන ඒමට ඇති එකම මාර්ගය පළාත් පාලන ආයතනවල වෙනස්කම් සිදුකිරීම බවයි.

“අපි පාර්ලිමේන්තුව වෙනස් කළා. දැන් පළාත් පාලන ආයතන ක්‍රමය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි. ඒ වෙනස කිරීමට ජනතාව අපට අවස්ථාවක් ලබාදෙන බව මට විශ්වාසයි,” ඇය පැවසුවාය.

ව්‍රායි කැලී බල්තසාර් මෙම අදහස් පළකළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා ප්‍රතිචාර දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here