නදී වාසලමුදලිආරච්චි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක ජූරියකට!

0
10

චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්, ලේඛිකාවක් හා ජනමාධ්‍යවේදිනියක් වන නදී වාසලමුදලිආරච්චි ප්‍රථම වරට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙළක ප්‍රධාන තරඟකාරී අංශයේ ජූරිසභිකාවක ලෙස තේරීපත්ව තිබේ. ජනප්‍රිය නිවේදිකාවක, ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චිගේ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂනය වන ‘පැන්ත්‍රම්’ පසුගිය වසරේ මැයි මාසයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ Independent Experimental Film Festival of Kerala චිත්‍රපට උළෙලේදී සිය ලෝක ප්‍රදර්ශනය (World Premiere) පැවැත්වූ අතර සම්පත් ගුණවර්ධන, උදාර පල්ලියගුරු සම නිශ්පාදනයක් වන ‘පැන්ත්‍රම්’ චිත්‍රපටය මේ වනවිට ආසියාවේ පැරණිතම හා විශාලතම සිනමා සම්මාන උළෙල හතරෙන් එකක් ලෙස සැළකෙන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, එමෙන්ම නේපාල අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, දිල්ලි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, ඇතුළු අන්තර්ජාතික චිත්‍රපට උළෙල 25 ක් නියෝජනය කරමින් Best feature film, Best Experimental Feature Film, Best Script and Story, Best Cinemotograpy ඇතුළු අංශ කිහිපයකින් අන්තර්ජාතික සම්මාන 10ක් දිනාගැනීමට සමත්ව ඇත.

පසුගිය වසරේ (2025) ‘පැන්ත්‍රම්’ චිත්‍රපටයේ සිය කුළුඳුල් ලෝක දැක්ම සිදුකළ Independent Experimental Film Festival of Kerala සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය සඳහා ජූරිය නියෝජනය කිරීමට ජූරිසභිකාවක ලෙස ඇයව තෝරා පත්කර ගැනීම මෙහිදී සුවිශේෂී අවස්තාවක් ලෙස සැළකිය හැකි අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන්හි ජූරිය නියෝජනය කල සිනමාකරුවන් අතලොස්සක් අතරට පැමිණීමට සිය ප්‍රථම සිනමා නිර්මාණයෙන්ම ඇයට අවස්ථාව උදාවීම තවත් සුවිශේෂී කරුණක් ලෙස සැළකිය හැකිය. ලබන වසරේදී තවත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල දෙකකට ජූරි සභිකාවක ලෙස සහභාගි වීමට ඇයට මේ වන විටත් ආරාධනා ලැබී ඇති බව තවදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here