මෙරට කාන්තාවන්ගෙන් සියයට 54ක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
කාන්තා දිනය තේමා කරගනිමින් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම අවරණය වන පරිදි වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් දහසක් යොදා ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, මෙරට කාන්තාවන් සියයට 43ක් අයහපත් මානසික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවද මෙමගින් හෙළිව තිබෙනවා.
මේ අතර, කාන්තාවන්ගෙන් සියයට 64ක් මධ්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීම නිසා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී හෙළිව ඇති බව සදහන්.