පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදුවීම්මාලාව ප්‍රබන්ධ කරගනිමින් නිර්මිත U.A. පල්ලියගුරු ගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන Red Easter හි පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට ලක්ව ඇති බව වාර්තා වේ.

එම සම්මාන සහ ජාත්‍යන්තර පිළිගැනීම් මෙසේ ය,
Asian Talent International Film Festival 2025 – සම්මානිත
Bangkok Movie Awards 2025 – සම්මානිත
Athens International Film Festival 2026 – අවසන් තරගකරුවන් අතරට
Tianjin International Academic Film Festival 2025 – අර්ධ අවසන් තරගකරුවන් අතරට
SAFAL International Film & Short Film Festival 2025 – අර්ධ අවසන් තරගකරුවන් අතරට
Indian Independent Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී
Golden Bridge Istanbul Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී
Anatolia International Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී
Paradise Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී

ක්‍රිස්ටිනා බ්‍රිටෝ, අමන්ද අමරසේකර, දේවින්ද කෝන්ගහගේ, චුලා පද්මේන්ද්‍ර, නිනෝ අරලිය ඇතුළු නලු නිලියන් රංගනයෙන් දායක වන Red Easter චිත්‍රපටය නුදුරේදීම එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද වන U.A. පල්ලියගුරු මේ වනවිට චිත්‍රපට 15 ක් නිෂ්පාදනය කොට ඇති අතර 2012දී සුපර්සික්ස්, 2017 පැනිමකුලුවෝ, 2018 සාම කුමරු කථාව, 2019 සැගවෙන කිරිල්ලියෝ, 2020 ආලේ කොරෝනා, 2021 රුහිරේ, 2022 පියාබන්න ආයෙත්, 2023 සික්ස්ටි නයින්, 2024 ජිගලෝ, 2025 අනියම්, 2025 සම රිසි පෙමක්, 2026 ට්රුත් ඔර් ඩෙයාර් ආදී ලෙස සිනමා නිර්මාණ රාශියක් ඔහු නිර්මාණය කොට ඇත.




