සිද්ධියට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යවල හුවමාරු වීමත් සමඟ සිදු කළ විමර්ශනයකට අනුව රාගම පොලිසිය විසින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වන අතර, දැනට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
පසුගියදා වෙළඳ ආයතනයක් තුළ ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම ආයතනයේ සේවකයන් පිරිසක් විසින් කාන්තාවකගේ හිසකෙස් කපා දමමින් අමානුෂික ලෙස කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.




