ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

0
56

ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයන විට 61වන වියේ පසුවුවා ය.

කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියකි.

1986 වසරේ සිට මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනාගැනීමට සමත් වූ අතර කිහිප වතාවක්ම හොඳම නිළිය සම්මානය දිනා ගත්තාය

ඇය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය 2009 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභාවට තරග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here