“මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්” – Kavindya Adikari

0
14

මෙවර තවත් ‘mirror arts’ කතා බහක් සමඟ එක් උනේ ආදරණීය චරිතයක් ලෙස ඔබ කවුරුත් හඳුනන තරුණ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් ප්‍රේක්ෂකයා අතරට එන කවින්ද්‍යා අධිකාරියි.

කුඩා කාලයේ සිටම කවින්ද්‍යාව රටක් හඳුනාගත්තේ ඇය ප්‍රවිණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුවගේ හා ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී අතුල අධිකාරිගේ ආදරණීය දියණිය වීම නිසායි.

කවින්ද්‍යා මෑතකදී විවාහ දිවියට එළඹුනේ සංගීත ක්ෂේත්‍රයේම කටයුතු කරන දනිදු පෙරේරා සමගයි. දනිදු පසුගිය වසරේ ජාත්‍යන්තර ඇගයුමට ලක්වූ ‘Knights’ සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් ද වෙනවා.

ඉතින්, මෙවර කතා බහ සමග එක්වෙමින් කවින්ද්‍යා සිය ජීවන ගමනේ බොහෝ දේ ගැන ‘mirror arts’ සමග කතා බහ කළා.

කුඩා කල සිටම සිය මවුපියන්ගෙන් ලැබුණ ආදරය ගැනත්, වර්තමානයේ විවාහක තරුණියක් ලෙස ගෙවන ජීවිතය ගැනත්, කලා දිවියේ ඉදිරි බලාපොරොත්තුත් ගැන ඇය සදහන් කළා.

කුඩා කල සිටම තරු පවුලක දියණියක් වීමේ අපූර්ව අත්දැකීම මෙන්ම, ආදරය, ජීවිතය වගේ මාතෘකා ගැනත් ඇය හරිම විවෘතව අදහස් පළ කළා.

කවින්දයා අධිකාරි එක්වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩයෝව නරඹන්න පහළින්

mirrorarts.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here