නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් නිෂ්පාදනය කිරීමට නියමිත නවතම ‘Scooby-Doo’ සජීවී රංගනයෙන් යුත් (live -action) කතාමාලාවේ ‘ඩැෆ්නිගේ’ චරිතය නිරූපණය කිරීම සදහා මැකේනා ග්‍රේස් (Mckenna Grace) නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.

2020 වසරේදී තිරගත වූ “Scoob!” සජීවීකරණ චිත්‍රපටයේ කුඩා ඩැෆ්නිගේ චරිතයට හඬකැවූවේ ද ග්‍රේස් විසින් වන අතර, ඒ අනුව ඇය විසින් ඉදිරියේදී කොටස් අටකින් යුත් මෙම නවතම ‘Scooby-Doo’ කතාමාලාවේ ඩැෆ්නිගේ චරිතය නිරූපණය කරනු ඇති.

වාර්තාවන ආකාරයට මෙහි කතාව ගොඩනැගෙන්නේ අප කවුරුත් හොදින් දන්නා ජනප්‍රිය ‘Scooby-Doo’ කාටූන් මාලාවේම නවතම ප්‍රතිනිර්මාණයක් ලෙස වන අතර, මෙහිදී Mystery Inc. කණ්ඩායමේ සාමාජිකයන් මුලින්ම මුණගැසුණු ආකාරය සමගින් කතාව ගලා යනවා.
තවමත් 19 වන වියේ පසුවන මැකේනා ග්‍රේස් (Mckenna Grace) මීට පෙර ‘The Young and the Restless’, ‘The Haunting of Hill House’ සහ ‘Young Sheldon’ ඇතුළු රූපවාහිනී කතා මාලා රැසකට රංගනයෙන් දායක වී ඇති අතර 2021 වසරේදී ‘The Handmaid’s Tale’ කතා මාලාවේ ඇය දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් Primetime Emmy Award හි සම්මානයක් සඳහා ද නිර්දේශ විය.
එමෙන්ම, ඇය ‘Gifted’, ‘Ghostbusters: Afterlife’, ‘Ghostbusters: Frozen Empire’ වැනි ප්‍රසිද්ධ චිත්‍රපට සඳහාද රංගනයෙන් දායක වී ඇත.




