‘‘දර්ශනය තුළිනුයි විද්‍යාව මතු වෙන්නේ. ආගම කියන වචනයට යටත් වූ යම් කිසි ඇදහිලි ක්‍රමයක් තියෙනවා නම් එතන විද්‍යාවත් දර්ශනයත් දෙක ම නෑ.
ඇදහිලි කියන්නෙ යම් කිසි ශක්තියක් කෙරේ විශ්වාසයක්, ඇදහීමක් බලාපොරොත්තුවක් හෝ පිළිගැනීමක්. ඇදහිල්ල යමෙක් තුළ තියාගෙන කටයුතු කරන විට, එතන විද්‍යාවට ඉරක් ඇඳෙනවා. එතන දර්ශනයක් නැහැ. එතන නෑ හිතන්න දෙයක්. එතන නෑ කොරන්න දෙයක්.
බෞද්ධයා ඇදහිලිකාරයෙක් නොවේ. බෞද්ධ දර්ශනය ලෝකෙට පහළ වුණේ දාර්ශනිකයා ලෝකෙට පහළ වුණාට පස්සෙ. දාර්ශනිකයා කීවේ හිතන්න, දකින්න, විමසන්න, බලන්න පුළුවන් ශක්තිය උපදවා ගන්න කෙනාට. බුදුන් වහන්සේ කියන දාර්ශනිකයා පහළ වුණේ ඔය ඇදහිලි සම්ප්‍රදායට එරෙහිව හිතන්න පුළුවන් ශක්තිය උපදවා ගන්න ක්‍රමය මිනිස්සුන්ට කියා දීමට.
විද්‍යාව කියන්නෙ ‘තමන්ගේ අන්න ඒ ශක්තිය තමන් තුළ උපදවාගෙන’ එකී දර්ශනය තුළින් තමාගේ අදහස සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය කරන යම් යම් කොටස් තම ජීවිතේට අනුගත කර ගැනීම සඳහා යෙදිය යුතු උපක්‍රමය නිසි අයුරින් නිසි තැනට යොදා ගැනීමට’’
මේ අදහස ප්‍රකාශ කරල තියෙන්නේ අපවත් වි වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේ. මම මේ කොටස උපුටා ගත්තේ සුමනා විජේරත්න විසින් රචිත ‘‘බුදුන් දුටු සමාජවාදය’’ කෘතියෙන්.
මතු පළවන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග‘‘බුදුන් දුටු සමාජවාදය’’ කෘතියේ කතුවරිය වන සුමනා විජේරත්න කළ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන | ජයසිරි අලවත්ත)