‘ජීවිතේ ගත්ත තීරණ ගැන කිසිම පසුතැවීමක් නෑ’ – ඩිලානි අබේවර්ධන (video)

0
26

මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනයි.

බොරදිය පොකුණ

කෙසේ වෙතත් සිය ජනප්‍රියත්වයේ උපරිම තලයේදී ඇය රංගනයට විරාමයක් දෙන්නට තීරණය කරන්නේ සිය පවුල වෙනුවෙන් කැපවෙමින්.

මේ සමගින් ඇය විදෙස් රටක පදිංචියට ගියත්, ලංකාවට පැමිණි  අවස්ථාවල වගේම ඇතැම්විට ඇගේ ඡායාරූපක් මාධ්‍යයේ පළ වූ විට පවා ඒවාට ලැබෙන ඉහළ රසික ප්‍රතිචාරවලින් පැහැදිළි උනේ ඇගේ ජනප්‍රියත්වය එසේම පවතින බවයි.

“මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූගත කිරීම් අතර

ඉතින්, වසර 23 කට පසු ඇය රංගනයෙන් දායක වූ මේ නිර්මාණයෙන් පස්සේ පසුගිය මාස කිහිපයේම ඇය ලංකාවේ රැදී සිටිමින් කලා නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබා දුන්නා. එම නිර්මාණත් ඉදිරි කාලයේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නත් අවස්ථාව ලැබේවි.

මේ ගැන වගේම ඩිලානි අබේවර්ධනගේ දිවි ගමනේ බොහෝ අත්දැකීම් ගැන ඇය මෙවර ‘mirror arts’ කතා බහේදී අදහස් බෙදා හදා ගත්තා.

ඒවගේම මෙම කැපකිරීම් හරහා ඇය ජීවිතය පිළිබඳව ලබා ගත් ජීවිතාවබෝධයත් හරිම ඉහළයි.

ජීවිතයේ කැපකිරීම් කරනා අකාරය පිළිබඳව, ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඇගේ කතාව තුළින් ඕනෑම කෙනෙකුට ඉගෙන ගත හැකි දෑ බොහෝමයි.

ඉතින්, රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන සහභාගී වූ සම්පූර්ණ කතා බහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

 mirrorarts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here