ගං වතුර & Periods

0
21

සනීපාරක්ශක තුවා, යට ඇදුම් අවශ්‍යයි කියලා පෝස්ට් යනවා. ඒවා කෑම බීම තරම් අත්‍යාවශ්‍යද?
පැහැදිලිවම ඔව්..

ගෑනු ලමයගෙන් ලමයට period cycle එක වෙනස්. ගොඩක් අය හිතනවා වගේ periods කියන්නේ මාසෙකට සැරයක් හැදිලා දවස් 3-4ක් යද්දි අඩු වෙනවා කියලා හැමෝටම ඒක එහෙම නෑ.

සමහරුන්ට අසනීප තත්ව නිසා periods හැදුනාම දවස් 14-15 තියන අයත් ඉන්නවා.එකම සතියේ වරෙන් වර හැදෙන අය ඉන්නවා. ගෑනු ලමයෙක් විදිහට මට හිතුන දේ ගං වතුර නිසා තමන්ගේ ගෙදර නොවන තැනක ගෑනු ලමයෙක් හිටියොත් එයාට මේ දවස් දෙක තුන ඒක කොච්චර නම් uncomfortable වෙයිද කියලා.

එක්කෙනාගෙන් එක්කෙනාට Bleed වෙන ප්‍රමාණය, එයාලා periods දවසට use කරන්නේ මොනාද? (Tampons, pads, period cup) ඒ වගේම pads නම් මාරු කරන්න වෙන Napkins ගාන එකකට එකක් වෙනස්. ඒ වගේම pads ගත්තත් සමහර ගෑනු ලමයින්ට හරියන එයාලා තෝරගත්තු brand එකක් තියනවා.මොකද සමහර අයට සමහර ඒවා allergy වෙනවා.


ඉතින් අර උඩ කියපු අසනීප තත්වෙක ඉන්න කෙනෙක් නම්? නිතර නිතර හැමෝම use කරන Washroom එකකට යන්න වෙන එක, තමන් හැමදාම use නොකරන එයාට ලැබෙන Pad වර්ගයක් අදින්න සිදු වෙන එක, ඒවා බැහැර කරන්නේ කොහොමද කියන එක, යට ඇදුම් එකම එක දවසක් වත් ඇදන් ඉන්න බැරි එක වගේම පාවිච්චියෙන් පස්සේ ඉවත් කරන්න වෙන එක මේ අස්සේ එන කකුල් අමාරු කොන්දේ අමාරු දරාගන්න වෙන්න වෙන එක, ඒක හිතන තරම් ලේසි දෙයක් වගේ මට පේන්නේ නෑ.විශේශෙන්ම අර උඩ කියපු අසනීප තත්ව වල ඉන්න ගෑනු ලමයින්ට හෝ වැඩිපුර bleed වෙන අයට.

මන් දැක්කා Sanitary pads donate කරන්න ගන්න ගියපු පිරිමි ලමයෙක් (Dinel walpola) Tiktok එකේ දාලා තියනවා Sizes තියනවා ඒවා බලල ගන්න කියලා. ඇත්තටම කියපු එකත් වටිනවා මොකද මේ වගේ කාලෙක Donate කරද්දි දිගින් වැඩි ගොඩක් absorb වෙන pads donate කරන්න තිබ්බා නම් ඇත්තටම වටිනවා.. (දුන්න කිසි කෙනෙක්ව විවේචනය කරනවා නෙවේ.දන්නැති කෙනෙක් හරි මේ ගැන නොහිතුන කෙනෙක්ට හිතන්න හරි මේක දාන්නේ සහ ගෑනු ලමයෙක් විදිහට මන් එහෙම තැනක හිටියානම් ඒක කොච්චර අපහසුවක්ද කියලා හිතලයි ලියන්නේ)


මේක කියවන ගෑනු ලමයි දන්නවා periods දවසට නිදාගන්න ඉරියව්ව පවා වෙනස්. අනික හැමෝම ඉන්න තැනක leak වෙලා ඇදුම් වල තිබ්බාම වෙන අපහසුතාව!!
ඉතින් කරන්න පුළුවන් මොනාද අපිට?


පහල තියනවා වගේ pads packet වල තියනවා 240mm , 280mm කියලා. ඒ වගේම wings තියන සහ නැති.ඉතින් අපි ගෙනියද්දි 280mm වගේ දිගින් වැඩි ගොඩක් absorb කරගන්න, wings තියන pad packets බලලා දුන්න නම් අපිට නොකියන periods ප්‍රශ්න තියන ගෑනු ලමයින්ට ඒක සෑහෙන්න වටියි කියලා මන් හිතනවා.
ඒ වගේම ඒවා නිසි ලෙස බැහැර කරන්න පුළුවන් විදිහට Dustbin තාවකාලිකව හරි දෙන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා..!!
ඉතින් අපි මේ වෙලාවේ හොඳම සහ ගැලපෙනම දේ දෙන්න Try කරමු..

-Sandy-

උපුටා ගැනීම -මේනකා ඉඳුනිල් සමරකෝන්ගේ fece book පිටුවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here