ආචාර්ය නන්දා මාලනී මෙරට ගීත ක්‍ෂේත්‍රයට සිදුකරන ලද අනුපමේය මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් ඇයගේ නමින් නම් කිරීම අද (22) සිදු කෙරුණි.
ඒ අනුව, ගුවන් විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය මෙලෙස ආචාර්ය නන්දා මාලනි මැදිරිය නමින් නම් කර තිබේ.
තම සංගීත දිවියේ තිඹිරි ගෙය ගුවන්විදුලි සංස්ථාව බව ආචාර්ය නන්දා මාලනී එහිදී පැවසු අතර එදා සිටි දැවැන්ත චරිත සමඟ සමීප වීමට අවස්ථාව උදා වූයේ ද ගුවන් විදුලි සංස්ථාව නිසා බවද ඇය එහිදී කියා සිටියාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ප්‍රේමය, විරහව වැනි සුලබ මාතෘකාවලට පමණක් සීමා නොවී රටට අත්විඳින්නට සිදුවූ මර්දනය, භීෂණය සහ සමාජ අසාධාරණයට නොබියව තම ගීත හඩ අවදි කිරීමට නන්දා මාලනිය නිර්භීත වූ බවයි. ඇය වෙනුවෙන් ජාතික ගුවන් විදුලියේ මැදිරියක් නම් කිරීම සුවිශේෂී අවස්ථාවක් බවද අගමැතිනිය අවධාරණය කළාය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන අමාත්‍යවරු, නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තාරකා මේධාවි දිසානායක කලාකරුවෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.