2025 WIPO ගෝලීය සම්මාන උළෙලේදී, ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන අගමැතිනි හරිනි අමරසුරිය මුණගැසී තිබේ.
අගමැතිනි හරිනි අමරසුරිය ගේ මුහුණු පොතේ මෙම හමුව පිලිබඳ මෙලෙස සටහනක් පළ කර තිබුණි.

වැසි දිනවල නගර ආශ්‍රිතව කාණු පද්ධති, ප්ලාස්ටික් සහ පොලිතීන් සිර වීම නිසා නිතර ජල ගැලීම් ඇති ඇතිවන අතර මීට විසඳුමක් ලෙස ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන විසින් මෙම ස්මාර්ට් කානු පද්ධතිය නිර්මාණය කර තිබුණි.
ඉකුත්දා දිවයිනට පැමිණි අවස්ථාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන ඒ පිළිබඳ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර තිබුණි,
“එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් 2025 වසරේ නම් කරන ලද ලෝක බුදධිමය දේපොළ ගොලීය සම්මානය මගේ කණ්ඩායමට හිමි වුණා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ අප කණ්ඩායම විසින් නවෝත්පාදනය කරන ලද සුහුරු කාණුව. සුහුරු කාණුව කියන්නේ නගර ආශ්‍රිතව තියෙන විවෘත කාණු නිතර ජල ගැලීම් වලට ලක්වෙනවා තදබදයට ලක්වෙනවා ප්ලාස්ටික සහ පොලිතින් හිර වෙලා. මේ සුහුරු කාණුවෙන් කරන්නේ ඒ හිර වෙල පොලිතින් සහ ප්ලාස්ටික් පෙරලා අරගෙන වැස්ස වහිනකොට වැහි වතුර දෙවැනි තට්ටුවෙන් ගලාගෙන යන එක. මේක ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්.”