ඉන්දියාව පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට එක්දින ජයක් 

0
61

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඊයේ (04) පැවති තරගයෙන් විශිෂ්ට ජයග්‍රාහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත්කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 276ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී (49.1) ලකුණු 278ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කර ගත්තා.

එහිදි හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා.

itnnews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here