අධ්‍යාපනයේ වෙනසක් පිළිබඳව අපි කෙතරම් සාකච්ඡා කළ ද මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතාවක් පවතින්නේ යැයි ආචාර්ය සුජාතා ගමගේ පැවසුවා ය.
ඇය මෙම අදහස් පළ කළේ ‘රැඩිකල් මැද (Radical Center) සංවිධානය හා The Garage ආයතනය විසින් පසුගිය පස්වන දින ‘තුන්මන් හන්දිය’ හි සංවිධානය කර තිබූ සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වුව ද කිසිදු ගැළපීමක් රහිත වැරැදි දෑ බහුල ලෙස පැවති බව ද ආචාර්ය සුජාතා ගමගේ පැහැදිලි කළේ ය.
ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියේ මංගල සමරවීර නිර්මාණය කළ රැඩිකල් මැද (Radical Center) සංවිධානය මේ සම්බන්ධයෙන් සොයා බලා කිසියම් සාකච්ඡාවකට මුල පුරන ලෙසයි.