ස්ත්‍රියකට කවදාවත් ම බුදු වෙන්න බැරි ඇයි…?

0
49

මේ මොහොතේ ලංකාවේ ස්ත්‍රීන් යනු ඉතා ම උන්නතිකාමී පිරිසක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේ භික්ෂු ශාසනය යනු පුරුෂ මූලික ආයතන පද්ධතියක් වන අතර එය ස්ත්‍රින්ට අදාළ නොවන බවයි. ඒමෙන් ම ස්ත්‍රියකට කිසිදු දිනක බුදු විමට නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ භික්ෂුණී ශාසනය තිබිය යුතු වුව ද එය ස්ථාපිත කළ යුතු ක්‍රමවේදයක් පවතින බවයි. ඒ සඳහා අධිකරණ තීන්දුව පමණක් සැහෙන්නේ නැතැයි හෙතෙම අවධාරණය කළේ ය.  

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන – ජයසිරි අලවත්ත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here