‘මට යුද්ධය මග හැරලා සමකාලීන කලාවට එන්න බෑ’ – Nadie Wasalamudaliarachchi

0
41

තම ජීවිත කාලය තුළ දැක ඇති මෙරට යුද්ධය පිළිබඳ අතීත අත්දැකීම මග හැර සමකාලීන කලාවට පැමිණීමට නොහැකි බවද,

සිය ප්‍රථම චිත්‍රපටය පශ්චාත් යුධකාලීන තේමාවක් පාදක කරගෙන නිර්මාණය වූයේ ඒනිසා බවද ‘පැන්ත්‍රම්’ (Pantrum) චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා නදී වාසලමුදලිආරච්චි පවසනවා.

ඇය මේ අදහස් බෙදා හදා ගත්තේ මෙවර ‘mirror arts’ කතා බහ සමඟ සම්මුඛ වෙමින්.

නදී වාසලමුදලිආරච්චි ගැන හඳුන්වා දෙනවා නම් ඇය ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා අත්දැකීම් බහුල චරිතයක් ලෙස හඳුන්වා දිය හැකි අතර, බොහෝ දෙනා ප්‍රථමයෙන් ඇයව හඳුනා ගත්තේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් ලෙසයි.

මේ සියල්ල අතරේ මෙවර කතාබහට නිමිත්ත වූයේ ඇය සිය නවතම ‘පැන්ත්‍රම්’ (Pantrum) සිනමාපටය හරහා සිනමා අධ්‍යක්ෂකවරියක් ලෙස සිනමාවට ප්‍රවේශ වීමයි.

මේ චිත්‍රපටය ළගදීම තිරගත වීමටත් නියමිතයි.

ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් නදී සිය සිය සිනමා ගමන ගැන බොහෝ දේ කතා බහ කළා.

කාන්තා අධ්‍යක්ෂකවරියක් ලෙස සිනමාවට පිවිසීමේ අභියෝගයන් මෙන්ම ඒවා ජය ගත් ආකාරයත්, ‘පැන්ත්‍රම්’ (Pantrum) වෙනුවෙන් ලැබුණ ජාත්‍යන්තර ඇගයුම ගැනත් ඇය සිය අත්දැකීම් බෙදා හදා ගත්තා.

මේ කතාබහ නදීගේ ජීවන තතු පිළිබඳව පමණක් කතා කරන්නට සීමා උනේ නෑ.

සිනමාව, සාහිත්‍ය, දේශපාලනය වැනි මාතෘකා ඇතුළු බොහෝ සමකාලීන කාරණා ගැනත් මෙවර කතා බහේදී සාකච්ඡාවට ගැනුනා.

නදී වාසලමුදලිආරච්චි සහභාගී වූ මේ සම්පූර්ණ කතා බහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

සටහන – යූමාල් කසුන්

mirrorarts.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here