‘ඇගේ වෛරය’ නිසා මට ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය වැදුණා – Chandi Rasika

0
58

‘ඇගේ වෛරය’ චිත්‍රපටය නිසා තමන් (වැඩිහිටියන්ට පමණයි) රංගන ශිල්පිනියක් ලෙස නාමකරණයකට වැටුන බවත්, එම චිත්‍රපටයට එක් කර තිබූ නිරුවත් දර්ශන තම අනුදැනුම මත සිදු වූ ඒවා නොවන බව ද, මේ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව සම්මානලාභී රංගන ශිල්පිනී චන්දි රසිකා පවසනවා.

ඇය මේ පිළිබඳව සඳහන් කළේ මෙවර ‘mirror arts’ කතා බහ සමගින් සම්මුඛ වෙමින්.

70 දශකයේ ‘කල්‍යානි ගංගා’ චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනී සිටිමින් සිනමාවට පිවිසි චන්දි රසිකා, “කරාටේ ජෝ”, “ආදර ගීතය” සහ “මිහිදුම් සළු”, “යුවතිපති” වැනි චිත්‍රපටවල කැපී පෙනෙන චරිත සඳහා රංගනයෙන් දායක උනා.

ඉන්පසු 90 දශකයේ නව රැල්ලක ආරම්භය සනිටුහන් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ ‘ඇගේ වෛරය’ චිත්‍රපටය ඇතුළුව තවත් චිත්‍රපට රැසකට ඇය රංගනයෙන් දායක උනා.

ඉතින්, මෙවර කතා බහ සමඟ එක්වෙමින් චන්දි සිය රංගන දිවියේ මෙන්ම සිය දිවි ගමනේද බොහෝ අත්දැකීම් ගැන කතා බහ කළා.

‘ඇගේ වෛරය’ චිත්‍රපටය පිළිබඳව ඇය සිදු කරන හෙළිදරවු කිරීම ද ඇතුළත් චන්දි රසිකා සහභාගී වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

 ‘mirror arts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here