ඔවුන් එක ඇඳේ නිදි වැදුනාළු .?

0
22

ගැහැණුන් දෙදෙනෙක් එක ඇදේ නිදාගත්තා කියා ඒක මෙතන කතා වෙන්න ඕන දෙයක් ?නෑ කතා විය යුතුයි….?

මේ කතාව එසේ මෙසේ කතාවක් නොවන්නේ ඒ නිසා.. මේ කතාවේ ඉන්නේ සීතා සහ රාධා කියන විවාහක කාන්තාවන් දෙදෙනෙක්.. සීතා තරුණයි රාධා තරමක් තරුණ බව ඉක්මවා ගිය ගැහැණියක්..

සීතාගේ සැමියා ජතීන් . මේ මනුස්සයා සාම්ප්‍රදායික පවුලක ජීවත්වන රැඩිකල් අදහස් තියෙන පොරක්. මෙයාගේ අයියා තමා අශෝක්, අශෝක්ගේ වයිෆ් තමා රාධා. මීට අමතරව අසනීපව කතා කරන්නට නොහැකිව එක්තැන්වෙලා ඉන්න අම්මා සහ වැඩට ඉන්න සේවකයා මුංඩු තමා මේ පවුලේ ඉන්නෙ. මේ පවුල ආහාර සහ චිත්‍රපටි රෙන්ට් එකට දෙන වෙළදසැල් දෙකක් පවත්වාගෙන යනවා.

බැලූ බැල්මට නිකන් සාමාන්‍ය ඉන්දියානු පවුලක් වගේ දැනුනා නේද . නෑ මේ පවුල එහෙම නෑ. පිටින් ඔපේ යටින් හපේ වගේ පවුලක් තමා මේ පවුලත්..

ජතීන් සහ සීතා අළුත බැදපු ජෝඩුවක් උනාට ඒ වගේ හැසිරීමක් ඔවුන් අතර නෑ. හේතුව ජතින් තම සහෝදරයාගේ පෙරැත්ත කිරීමට තමා සීතාව කසාද බැදලා තියෙන්නෙ. කොහොම හරි සීතා මේ කතාව දැනගන්නවා. එයට හේතුව ජතින් ඔහුගේ චීන පෙම්වතියට වහවැටී සිටින නිසාවෙන්. ජතින් සීතා හා රැය ගත නොකරන අතර, ඔහු රෑ ගත කරන්නේ ඔහුගේ චීන පෙම්වතිය සමගිනුයි.. ඉතින් සීතාට උරුම වන්නේ කුස්සිය සහ තනියහන පමනයි. මේ ගැන සිතා සිටින්නේ තරමක් ව්‍යාකූලව..

අශෝක්ගේ බිරිද තමා රාධා. රාධා සීතාට වඩා වැඩිමල්. රාධා විවාහ වෙලා සෑහෙන්න කාලයක් උනාට ඇයට දරුවන් නෑ. නමුත් ඒ රාධාගේ වරදක් ද? නෑ.. ඇගේ දුක්බර කතාව කිසිවෙකුට ඇය පවසන්නේ නෑ. අශෝක් කියන්නේ එක්තරා ආගමික පූජකයෙකුට වහ වැටී සිටින පුද්ගලයෙක්. ඔහුගේ ආගමට අනුව. ඒ චාරිත්‍ර වලට ලිංගිකව එක්වීම කැප වන්නේ නෑ එය පාපයක්. මේ නිසා රාධා හා ඔහු වසර 13ක් ලිංගිකව එක්වී නැහැ..ඒකනම් ඉතින් දේව සාපයක්..

නමුත් මේ පවුල ගැන පිටින් බලන කාටවත් මේ කතාව පේන්නෑ.. ඒත් දිනක් සීතා තම නෑනත් විදින්නේ තමන්ගේම දුක බව දැනගන්නවා…දැන් තමා වසර ගනනක් පුරාවට සගවා ගෙන සිටි හැගීම් ගිණි ගන්නට පටන් ගන්නේ..

මේ ගිණි ගන්නා කතාවේ නමත්” Fire ” චිත්‍රපටිය තිරගත වන්නේ 1996 වසරේ එතෙක් ඉන්දියානු සිනමාවේ කාන්තා සමලිංගිකත්වය ගැන කතා බහට ලක්වූවේ ඉතා අඩුවෙන් සහ විනීත ලෙසයි..නමුත් මේ චිත්‍රපටිය තිර ගත වූ වහාම හනුමා ගිණි තිව්වා වගේ ඉන්දියාවේ සදාචාරවත් සංස්කෘතික වාසීන් ගින්නෙන් ඇවිලෙන්නේ.. හූ කියමින්…

මේක මහා දේව සාපයක් .. ලෙස ඔවුන් දකිනවා. නඩු දානවා උද්ගෝෂන තියනවා.. ඒත් ඉන්දියාව සම්මාන පිට සම්මාන ලබා දුන් මේ අපූරු චිත්‍රපටිය අද වන විට ඉන්දියානු ඉතිහාසයේ සාම්ප්‍රධාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස රනින් ලියවී හමාරයි..

Deepa Mehta

දීපා මෙහ්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙහි රාධා ශබානා අස්මිත් සීතාලෙස නන්දිතා දාස් රඟපෑවා.. ඒවාට රඟපෑම් කියලත් කියන බෑ .. සැබෑ චරිත ජීවමාන කිරීම් කියලා කිව්වත් කමක් නෑ. ඒ තරම් තාත්විකයි..

Mmp Ranaweera

උපුටා ගැනීම

භාරත සිනමා රසික සංසදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here