‘දේවි කුසුමාසන’ මැයි 22 සිට රිදී තිරයේ !

0
34

ශ්‍රී ලාංකේය සිනමාවේ නිර්මාණය වූ අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘දේවි කුසුමාසන’ හෙට දිනයේ සිට (22) දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙහි ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක, මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ, දුමී වන්නිආරච්චි ඇතුලු නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වේ.

හෙට දිනයේ (22) පැවැත්වෙන මංගල දර්ශනයත් සමග තිරගත වීම අරඹන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයට අමතක නොවන සිනමා අත්දැකීමක් තිලිණ කරනවා නොඅනුමානය.


| mirrorarts.lk


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here