ක්ෂණික කෑමවලට තිත තියමු.

0
21

අපි හැමෝම විවිධ වර්ගයේ රසවත් ආහාර කන්න කැමතියි. කඩේකට ගියත් අපි ගන්න කැමති රසවත් ක්ෂණික ආහාර. කාර්යබහුල බවත් එක්ක මේ තත්ත්වය තවත් වැඩි වෙලා. ඒ නිසා අද වෙනකොට පිළිකා වගේ බෝ නොවන රෝගත් එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා දැන්වත් රස ගැන විතරක් හිතන්නෙ නැතිව පෝෂ්‍යදායී බව ගැන අපිට හිතන්න වෙනවා.

අපේ ශාරිරික නිරෝගිභාවයට පොඩි කාලයක් වැය කළේ නැති වුණොත් මේ භයානක රෝග අපට තෑගි විදියට ලැබෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා අද කතාව පෝෂ්‍යදායි මොළයේ වර්ධනය වැඩි කරන පාන වර්ග ගැනයි.

ආමන්ඩ් එක්ක මුසු වුණ කිරි බීමෙන් ඔයාගේ ශරිරයට සෞඛ්‍ය සම්පන්න මේද සහ විටමින් E ලබා දෙනවා. ඒ තුළින් මතක ශක්තිය වැඩි කරගන්න වගේම මොළයේ නිරෝගී බව වැඩි කරගන්නත් පුළුවන්.

නිවිති හා කෙසෙල්වලින් සාදන ලද යුෂ වල පොටෑසියම්, මැග්නීසියම් ප්‍රතිඔක්සිකාරක බහුලයි. ඒ නිසා මොළයේ සෞඛ්‍ය රැක ගනිමින් මොළය වර්ධනය කරන්න උපකාර වෙනවා.

හරිත තේ කියන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල පානයක්. දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ මතක ශක්තිය වැඩි කරන්න උපකාර වෙන ගුණදායි පානයක්.

අන්තර්ජාලය ඇසුරෙන්

පවනි දිලේකා

උපුටා ගැනීම – Navaliya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here