ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන සියලු අකටයුකුකම් මෙන්ම අපහසුතාවයන් නවැත්වීමේ අරමුණින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ළමා හා කාන්තා කාර්යාංශ ස්ථාපනය කිරීමේ තවත් අදියරක් ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ ගේ අධීක්ෂණය යටතේ නව ළමා හා කාන්තා කාර්යාංශයක් අනුරාධපුර කොට්ඨාසයේ මිහින්තලය පොලිස් ස්ථානයේ ස්ථාපනය කර තිබේ.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ බුද්ධික සිරිවර්ධන විසින් ඉකුත් 7 වැනිදා මෙම නව ළමා හා කාන්තා කාර්යාංශය විවෘත කෙරුණි.
මෙම සමාරම්භය සඳහා උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සහ මිහින්තලය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.


