හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා වන දුවාන් ෆාරූක් ආගිය අතක් නොමැති බවට තොරතුරු වාර්තා වේ.
ලැබී ඇති තොරතුරු අනුව, ඔහු 2026 මාර්තු 05 වන දින කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය – අණ්ඩාකුලම් බස් නැවතුම්පොළට පැමිණ ඇත. එහෙත් එතැන් සිට ඔහුගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති අතර, අද වන තෙක් ඔහු නිවසට පැමිණ නොමැති බව පවුලේ අය සඳහන් කරති.
මේ අතර ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් අනුව, මාර්තු 07 වන දින ඔහු කන්තලේ කුලත්තුව ප්‍රදේශයට ආසන්නව පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී අවසන් වරට දැක ඇති බවද කියැවේ.
දුවාන් ෆාරූක් මහතාගේ ලිපිනය ලෙස අංක 255, හන්සගිරිය, කල්එළිය යන ලිපිනය සඳහන් වේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලා සිටී.
077 872 3588
075 965 1885
076 936 1643




